Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ තෙවැනි තරගය ලෙස කේප් කෝබ්රාස් පිල සහ නොදර්න් දිස්ති‍්‍රක් පිල අතර මොහාලි හිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් සහ ලූවිස් ක‍්‍රමයට අනුව ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට නොදර්න් දිස්ති‍්‍රක් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 207 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කේප් කෝබ්රාස් පිලට වර්ෂාව නිසා තරගය නතර කරන විට ලබාගත හැකිවී තිබුණේ කඩුලූ 2 ක් දැවී ලකුණු 44 ක් පමණි.
පන්දු 49 කදී වාර්තා වූ කේන් විලියම්සන්ගේ වේගවත් ශතකය (නොදැවී 101) නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් නොදර්න් දිස්ති‍්‍රක් පිලට නියමිත ඕවර 20 අවසානයේ ලකුණු 5 ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට හැකිවිය. තරගයේ වීරයා බවට පත්වූ විලියම්සන්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්විය.
පළමු කඩුල්ලට පන්දු 82 කදී ලකුණුු 140 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඇන්ටන් ඩෙව්සිච් (67) සහ කේන් විලියම්සන් නොදර්න් දිස්ති‍්‍රක් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
ඉන් නොනැවතුන විලියම්සන්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ජෝන් වෙට්ලින් සමග පන්දු 27 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනඟමින් තම කණ්ඩායම ලකුණු 200 සීමාව කරා රැගෙන ගියේය.
පන්දු 46 කදී වාර්තා වූ ඇන්ටන් ඩෙව්සිච්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර ජෝන් වෙට්ලින්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
නොදර්න් දිස්ති‍්‍රක් පිලේ පිතිකරුවන් තිදෙනෙක්ම (ඩැනියෙල් ෆ්ලයින්, ඩරිල් මිචෙල්, ස්කොට් ස්ටයිරීස්) ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට කේප් කෝබ්රාස් පිලේ පන්දු යවන්නන් සමත්වූ අතර එහිදී කර්ලි ලැන්ගවෙල්ඞ්ට් සහ වර්නන් පිලෙන්දර් කඩුලූ 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනූ කේප් කෝබ්රාස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නොදර්න් දිස්ති‍්‍රක් පිලට ආරාධනා කර සිටියේය.
නොදර්න් දිස්ති‍්‍රක් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 206
(ඇන්ටන් ඩෙව්සිච් 67, කේන් විලියම්සන් නොදැවී 101, ජෝන් වෙට්ලින් 32, කර්ලි ලැන්ගවෙල්ඞ්ට් 27/2, වර්නන් පිලෙන්දර් 39/2)
කේප් කෝබ්රාස් පිල - ඕවර 7.2 කදී කඩුලූ 2 ක් දැවී 44
(රොබින් පීටර්සන් නොදැවී 17, හෂීම් අම්ලා 20)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.