Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දින 41 ක දීර්ඝ තරග සංචාරය ආරම්භ කරමින් තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (11) ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 9.30 ට ආරම්භ වීමට නියමිතය.
අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාව එම ස්ථානය රැකගැනීමට නම් මෙම තරගාවලියේදී අවම වශයෙන් තරගයක් හෝ ජය ලැබිය යුතුය.
ශ්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 129 ක් ලබා සිටින අතර තරග දෙකම පරාජයට පත්වුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 123 ක් බවට පත්වේ. ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වන පාකිස්තානය තරග දෙකම ජය ලැබුව හොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 125 ක් බවට පත්ව පළමු ස්ථානය දක්වා උසස්වීම් ලබයි.
විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වන ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු 123 බැගින් ලබා සිටිති.
මෙම තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ ශ්‍රේණිගත කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තරගාවලියට සහභාගි වන බවයි.
”අපි විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ ඉන්නේ, අපේ අවසන් විස්සයි20 තරගාවලිය අපි හොදින් අවසන් කළා. ඒ නිසා ශ්‍රේණිගත කිරීම පිළිබ`දව අවධානය යොමු කරමින් තරග දෙක සාර්ථකව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා”
”විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර අපිට තරග හතරක් පමණයි තියෙන්නේ, තරග ජය ගන්නා ගමන් තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් කණ්ඩායම තෝරා ගන්නවා” යැයි චන්දිමාල් එහිදී වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන මහේල ජයවර්ධන මෙම තරගාවලියට සහභාගි නොවීම දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් විස්සයි20 තරගයේදී නවසීලන්ත පිලට එරෙහිව මහේල ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරමින් තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථානයක් නිර්මාණය කර දුන්නේය.
මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් ජනිත් ආරම්භක පිතිකරුන් ලෙස ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.
මොහොමඞ් හෆීස් මෙහෙයවන පාකිස්තානු කණ්ඩායමට තරුණ ක‍්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටිය ද, ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන සයිඞ් අෆ්රිඩි, උමාර් අක්මාල් සහ සොහෙල් තන්වීර් යන ක‍්‍රීඩකයෝ ද ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වා පැවැති විස්සයි20 තරග 10 යේදී පාකිස්තානය තරග 6 ක් ද, ශ්‍රී ලංකාව තරග 4 ක් ද, ජය ලබා තිබේ.
මෙම සංචාරයේ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ වන අතර ජනවාරි මස 20 වැනිදා අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සීකුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ රමිත් රඹුක්වැල්ල
පාකිස්තානු විස්සයි20 සංචිතය:
මොහොමඞ් හෆීෂ් (නායක), අහ්මඞ් ශෙෂාඞ්, බිලවල් භාටි, ජුනයිට් ඛාන්, සයිඞ් අෆ්රිඩි, සොයිබ් මක්ෂූඞ්, උමාර් අක්මාල්, ෂුල්ෂිකර් බබාර්, උමාර් අමීන්, සොහෙල් තන්වීර්, ශර්ජීල් ඛාන්, සයිඞ් අජ්මාල්, හරිස් සොහයිල්, අන්වර් අලී සහ උස්මාන් ඛාන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.