Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල හෙට (8 වැනිදා) කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
මෙවර තරගාවලියේදී ප්‍රභාෂ් ජයසේකර විසින් ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි. මලීෂ දේෂාන් විසින් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි.
අර්ධ අවසන් පූර්ව තරගයේදී යාපනය ශාන්ත ජෝන් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී සුමංගල විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ කළුතර තිස්ස විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමිනි. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගනු ලැබුවේද පානදුර ශ්‍රී සුමංගල විදුහල විසිනි.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 10 ක ජයක් වාර්තා කරමිනි. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත්වුවද, තරගාවලිය පුරා රඳවාගත් දළ ලකුණු වේගය අනුව සෙබස්තියන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.