Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය ලෙස බී-ලව් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර අද (5 වැනිදා) පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි ක්‍රීඩකයෝ ඕවර 13 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක වනිඳු හසරංග පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ආරම්භක පිතිකරු ෆකාර් සමාන් (42) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 71 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද වනිඳු සමත් විය.
පන්දු 39 කදී වාර්තා වූ ෆකාර්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර දිනේෂ් චන්දිමාල් පන්දු 16 කින් ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට පියවරක් ඉදිරියට එමින් සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමටද කැන්ඩි කණ්ඩායමට හැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට වනිඳු හසරංග සහ නුවන් ප්‍රදීප් ප්‍රමුඛ කැන්ඩි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු සිය ඕවර 4 ලකුණු 9 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් ලකුණු 36 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
ජැෆ්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 38 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. ප්‍රියමාල් පෙරේරා පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද, ඩේවිඩ් මිලර් පන්දු 22 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද රැස්කළහ.
ජැෆ්නා කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 117
(තවුහිත් රිඩෝයි 19, ඩේවිඩ් මිලර් 21, ප්‍රියමාල් පෙරේරා 22, දුනිත් වෙල්ලාලගේ නොදැවී 38, වනිඳු හසරංග 09/3, නුවන් ප්‍රදීප් 36/3, ඇන්ජලෝ මැතිව්ස් 08/2)
බී-ලව් කැන්ඩි පිල - ඕවර 13 කදී කඩුලු 2 කට 118
(ෆකාර් සමාන් 42, දිනේෂ් චන්දිමාල් 22, වනිඳු හසරංග නොදැවී 52)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.