Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවැනි කොටස්වල ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයන්හි අර්ධ අවසන් පූර්ව වට සඳහා කණ්ඩායම් 32 ක් සුදුසුකම් ලබා සිටිති. ඉකුත් වසරේදී (2021) පළමු සහ දෙවැනි කොටස් දෙකේ කාණ්ඩ 4 හිම ශූරතා දිනාගත් කණ්ඩායම් මෙම වසරේදීත් අර්ධ අවසන් පූර්ව වටවලට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර වෙති.
පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි කොටස්වල ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 18 බැගින් සහභාගි වූ අතර එහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වූ ‘එක්ස්’, ‘වයි’ සහ ‘ඉසෙඩ්’ යන අනු කාණ්ඩ 3 යටතේ එම කණ්ඩායම් මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග වැදිණ.
මූලික වටයේ තරග මාර්තු මස 25 වැනිදායින් නිමාවට පත්වූ අතර අනු කාණ්ඩ තුනේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වූ කණ්ඩායම් 6 මෙන්ම තෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් 3 න් වැඩි දස්කම් දැක්වූ කණ්ඩායම් 2 ද අර්ධ අවසන් පූර්ව වටවලට සුදුසුකම් ලැබූහ. අද (28 වැනිදා) ආරම්භ වන අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙනු ඇත.
ඉකුත් වසරේදී (2022) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහලත්, පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහලත්, දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහලත්, දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලත් සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටයේ කාල සටහන
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය
මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර
කොළඹ නාලන්දා විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර
මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ ගාල්ල රිච්මන්ඩි විදුහල අතර
කොළඹ මහානාම විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර
පළමු කොටසේ ‘බී’ කාණ්ඩය
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර
කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර
මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මොරටු විද්‍යාලය අතර
කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ලුම්බිණී විදුහල අතර
දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩය
පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර
කළුතර තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර
දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර
හොරණ තක්ෂිලා මැදි විදුහල සහ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල අතර
කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.