Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල වර්ණපුර නික්ම ගියේය. එහෙත් බොහෝ මතක සටහන් ඉතිරි කරමිනි.
බන්දුල වර්ණපුර නම් වූ නාලන්දීයයා, පසුකළෙක ක්‍රිකට් පිටියේ දැවැන්තයකු වූයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් හසළ දැනුම් සම්භාරයකින් යුත් ගුරුවරු ඔහුට ක්‍රිකට් සිප් සතර පමණක් නොව ජීවිතයේ මඟ හසරත් කියා දුන් බැවිනි.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියේ දිසාපාමොක්ලා දෙදෙනාගන් අයකු වන නෙල්සන් මෙන්ඩිස්, ජෙරී ගුණරත්න සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරු ඔහුගේ ක්‍රිකට් ජීවිතයට අත්තිවාරම දැමූහ. වයස 14 න් පහළ ක්‍රීඩා කරමින් සිටියදී මොරටුව වේල්ස් කුමාර විදුහලට එරෙහිව පැවැති තරගයකදී ශතකයක් ලබාගත්තේ නම් එතැන් සිට ඔහුව පළමු පෙළ කණ්ඩායමට ඇතුළත් කරන බව පුහුණුකරු ප්‍රේමසර ඈපාසිංහ මහතා පැවසීය. 13 හැවිරිදි බන්දුල ශතකය ලබාගත්තේය.
පොරොන්දුව ඉටු කරමින් බන්දුල පළමු පෙළ කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඈපාසිංහ මහතා ඔහුගේද ක්‍රිකට් ඇදුරුතුමන් වූ ජෙරී ගුණරත්න මහතාගෙන් බොහෝ දොස් පරොස් ඇසුවේය. එහෙත් ඈපාසිංහ මහතා එදා ගත් නිර්භීත තීරණය හේතුවෙන් බන්දුල වර්ණපුර වසර 5 ක් නාලන්දාවේ පළමු පෙළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින්, අවසානයේදී කණ්ඩායමේ නායකත්වයද හෙබවීය. ක්‍රිකට් ක්‍රීඩාවේ පරිණත උපායශීලියකු වීමේ උපත එයම විය.
උසස් පෙළ විභාගයෙන් පසුව, ප්‍රතිඵල ලැබෙන තුරු, නාලන්දාවේ ස්වේච්ඡා ගුරුවරයකු වූ පාලිත පෙරේරා මහතාද බන්දුලට සිංහල භාෂාව සහ සිංහල සාහිත්‍යය උගැන්වීය. එනිසාම පාලිත පෙරේරා මහතාගේ වචනයක් අහක දැමීමට බන්දුලට නොහැකි විය.
ශ්‍රී ලංකාවේ පළමු වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා පමණක්ම නොව, සිංහල ක්‍රිකට් විස්තර විචාරයකදී පළමු වැනි විශේෂඥ විස්තර විචාරකයා වූයේත් බන්දුල වර්ණපුරය. ඒ 1980 මාර්තු මාසයේදී ගාල්ලේ පැවැති රිච්මන්ඩ් - මහින්ද මහ ක්‍රිකට් තරගයේ විශේෂඥ විස්තර විචාරකයා වශයෙන් එන්න’යි පාලිත පෙරේරා මහතා කළ ඉල්ලීමක් අනුවය.
විස්තර විචාරයට සහභාගි වීම සම්බන්ධයෙන් බන්දුල වර්ණපුරට එතරම් ආශාවක් නොතිබිණ. බන්දුල එහි ගියේ විස්තර විචාරයට සහභාගි වීමට වඩා පසුකළෙක සිය බිරිඳ වූ හේමමාලි අරඹවෙල දැකගැනීමේ අපේක්‍ෂාවෙනි. බන්දුල එවකට විවාහ වී සිටියේ නැත.
මෙහි පහත පළවන ඡායාරූපය 1990 දී වෙන්නප්පුවේ ඇල්බට් ඇෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් සඳහා වර්ණපුර මහතා විස්තර විචාරකයකු වශයෙන් සහභාගි වූ අවස්ථාවකි. බන්දුල වර්ණපුර මහතාගේ වම් පසින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මෙන්ම රූපවාහිනී සංස්ථාවේත් පුරෝගාමී ක්‍රිකට් විස්තර විචාරකයකු වූ පාලිත පෙරේරා මහතාය. දකුණු පසින් සිටින්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වූ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) ප්‍රියන්ත ජයකොඩි මහතාය.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් විස්තර විචාරයේ සදාතනික වීරයන් වන ප්‍රේමසර ඈපාසිංහ මහතා මෙන්ම පාලිත පෙරේරා මහතාත්, බන්දුලගේ ගුරුවරුන් වූ හෙයින්ම, 1970 සිටම බන්දුල වර්ණපුර නම් වූ ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධයෙන් මනාව දැන සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.