Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සහ ඒෂියා ලයන්ස් කණ්ඩායම අතර ඊයේ (26 වැනිදා) ඕමානයේ අල් ඇමෙරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමටද ඔවුන්ට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය වර්ල්ඩ් ජයන්ට්ස් ක්‍රීඩකයෝ ඕවර 13 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කෙවින් පීටර්සන් පන්දු 38 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 86 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වන විට පළමු කඩුල්ල ලෙස නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ සනත් ජයසූරිය රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන් හර්ෂල් ගිබ්ස් ලකුණු 12 කට දැවී ගියේය. එතැන් පටන් කෙවින් ඕ’බ්‍රයන් (31) සමග එක්වූ පීටර්සන්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 100 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
සනත් ජයසූරිය යැවූ ඕවරයකදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කිරීමටද පීටර්සන් සමත් විය. එය මෙම තරගාවලියේදී එක් ඕවරයක් තුළ පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. ජයසූරිය මෙම තරගයට ක්‍රීඩා කළේ කොවිඩ්-19 වයිසරය ආසාදනය වී සිට ඉන් සුවය ලැබීමෙන් අනතුරුවය.
මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ නුවන් කුලසේකර අතට උඩ පන්දුවක් දෙමින් පීටර්සන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර පන්දු 24 කදී වාර්තා වූ බ්‍රයන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි කෝරි ඇන්ඩසන් දැවී ගියේද මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ උපුල් තරංගගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඒෂියා ලයන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර ලයන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අස්ගර් ඇෆ්ඝන් පන්දු 26 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහරන් සහ හතරේ පහර 6 ක් සමගිනි. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින උපුල් තරංග පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පන්දු 15 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක් රැස්කළ අතර නායක මිස්බා උල්හක් පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 18 ක් රැස්කළේය. හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි රොමේෂ් කළුවිතාරණ පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් ලබා සිටියදී පාදයේ ආබාධයකය ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය. චමින්ද වාස් පන්දු 5 කදී නොදැවී ලකුණු 11 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
ඒෂියා ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 149
(තිලකරත්න ඩිල්ෂාන් 17, උපුල් තරංග 22, අස්ගර් ඇෆ්ගන් 41, මිස්බා උල්හක් 18, රොමේෂ් කළුවිතාරන 26, මෝනි මෝකල් 24/2, රයන් සයිඩ්බොටම් 38/2)
වර්ල්ඩ් ජයන්ට්ස් පිල - ඕවර 13 කදී කඩුලු 3 කට 152
(කෙවින් පීටර්සන් 86, කෙවින් ඕ’බ්‍රයන් 31, මුත්තයියා මුරලිදරන් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.