Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අතහැර දැමූ තරග නැවතත් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
එල්.පී.එල් තරගාවලියට සහ එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේ දක්ෂතා මත පදනම්ව ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිත තිබුණි. එහෙත් සැලකිය යුතු තරග සංඛ්‍යාවක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා ක්‍රීඩකයන්ට සුපුරුදු දක්ෂතා දැක්වීමට නොහැකි වූහ.
එබැවින් තවත් සතියක් ඇතුළතදී පැවැත්වීමට නොහැකි වූ තරග පවත්වා අවසන් කිරීමට තීරණය කර ඇත.
මූලික වටයේ තරග අදින් අවසන් වීමට නියමිතව තිබුනද තවත් සතියකින් එය දීර්ඝ වනු ඇත. මුලින් නිකුත් කළ තරග කාල සටහනට අනුව අවසන් පූර්ව තරග 4 වැනිදාත් අවසන් මහ තරගය 6 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.