Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වි:20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවිය ඇරඹේ

වි:20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවිය ඇරඹේ

editorial - 2022 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේදී (2022) ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අන්තර් ජාලය ඔස්සේ ප්‍රවේශපත වෙන්කරවා ගැනීමේ අවස්ථාව අද (7 වැනිදා) සිට ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

අන්තර් ජාලය ඔස්සේ ප්‍රවේශපත් අලෙවිය අරම්භ කර විනාඩි කිහිපයක් ගතවීමටත් මත්තෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වී ඇතැයි වාර්තා වේ.

ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

t20worldcup.com යන වෙබ්අඩවිය ඔස්සේ නරඹන්නන්ට අවසන් මහ තරගයද ඇතුළත්ව ලෝක කුසලන තරගාවලියට ඇතුළත් තරග 45 ම ප්‍රවේශපත් වෙන්කරවා ගත හැකිය. එහිදී කුඩා ලමුන් සඳහා වන ප්‍රවේශ පත්‍රයක් ඇමරිකානු ඩොලර් 5 ක මිලකටද, වැඩිහිටියන් සඳහා වන ප්‍රවේශ පත්‍රයක් ඇමරිකානු ඩොලර් 20 ක මිලකටද අලෙවි කෙරෙනු ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, ගීලෝන්, හෝබාර්ට්, මෙල්බර්න්, පර්ත් සහ සිඩ්නි යන ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීය.

-036

 


අදහස් (0)

වි:20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.