Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විජය මලලසේකර සමුගනී

විජය මලලසේකර සමුගනී

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපතිවරයකු වූ විජය මලලසේකර මහතා සෙනසුරාදා (5 වැනිදා) අභාවප්‍රාප්ත විය. අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා මලලසේකර මහතා ඉහළ දායකත්වයක් දැක්වීය.

1948 වසරේ අගෝස්තු 8 වැනිදා උපන් විජය මලලසේකර මහතා, සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ සංස්කාරක වූ ගුණපාල මලලසේකර මහතාගේ පුත්‍රයෙකි. කොළඹ රාජකීය විද්‍යලයෙන් ආධ්‍යාපනය හදාරා ඇති මලලසේකර මහතා නිතීය හැදෑරීම සඳහ එංගලන්තයට ගොස් ඇති අතර එහිදී කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලය වෙනුවෙන් පළමු පෙළ තරග සඳහා එක්වී ඇත.

තවත් ශ්‍රී ලංකික ක්‍රීඩකයකු වූ මනෝ පොන්නයියා සහ මලලසේකර මහතා 1967 වසරේදී කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලීය තරගයකදී ඉනිම ආරම්භ කළ අතර එම අවස්ථාව හිමිකරගත් පළමු ආසියාතිකයෝ දෙදෙනා බවටද පත්වූහ.

එසෙක්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන්ද ක්‍රීඩා කර ඇති මලලසේකර මහතා පළමු පෙළ තරග 27 කට ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 699 ක් රැස්කිරීමට සමත්විය.
හිටපු ක්‍රීඩා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් 2001 වසරේදී අතුරු කමිටු සභාපතිවරයා ලෙස විජය මලලසේකර මහතා පත් කළේය.

- 2079

 


අදහස් (0)

විජය මලලසේකර සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.