Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
භානුක රාජපක්ෂගේ හදිසි විශ‍්‍රාම යාමේ තීරණයත් සමගින් එවන් තීරණ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, ‘ඉක්මනින් විශ‍්‍රාම යන’ ක‍්‍රීඩකයින්ට විරෝධතා නොදැක්වීමේ ලිපි නිකුත් කිරීම මාස 6 කට කල් දැමීය. අද (7 වැනිදා) පැවැති විධායක කමිටු රැස්වීමේදී ගත් තීරණයක් අනුව හදිසයේම විශ‍්‍රාම යන කී‍්‍රඩකයන් වෙත විරෝධතා නොදැක්වීමේ ලිපි නිකුත් කිරීම ඔවුන්ගේ දැනුම් දීමෙන් මාස 6 කට පසුව සිදුවේ.
වහාම ක‍්‍රියාත්මක වන පරිදි තමන් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැන්වූහ.
වමත් පිතිකරු භානුක රාජපක්ෂ එක්දින තරග 5 කදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 89 ක් සහ විස්සයි තරග 18 කදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 320 ක් ලබාගෙන ඇත. එක්දින තරග වලදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 17.80 ක් වනවිට විස්සයි20 ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 26.66 කි.
එක්දින තරග 6 කදී ලකුණු 52 ක් සහ විස්සයි20 තරග 6 කදී ලකුණු 59 ක් රැස්කර ඇති ඇන්ජලෝ පෙරේරා දක්ෂ මැදපෙළ පිතිකරුවෙකු වුවද ජාත්‍යන්තර මට්ටමේ තරග වලදී බලපෑමක් කිරීමට ඔහුට නොහැකි විය. ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියෙන් විශ‍්‍රාම ගනිමින් ඇමරිකා එක්සත් ජනපදයට සංක‍්‍රමණය වීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
ඇන්ජලෝගේ තීරණයට වඩා භානුකගේ හදිසි පියවර බොහෝ දෙනෙකුගේ ඇහි බැමි ඉහළ නැංවිමට සමත්විය. එළඹෙන සිම්බාබ්වේ තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වේ යැයි බියෙන් භානුක හදිසියේම විශ‍්‍රාම ගැනීමට තීරණය කළ බවත් කියැවේ.
මේ තත්ත්වයන් තුළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ලොකුම පරාජිතයා බවට පත්වී ඇත.
භානුකට ක‍්‍රීඩා පිටිය තුල ඔහුගේ දක්ෂතා හදුනා ගැනීමට නොහැකි වුවද, කි‍්‍රකට් ආයතනය සහ ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඔහුට කොන්දේසි විරහිතව සහය දුන්නේය. තේරීම සඳහා බලපෑම් කිරීමට සහ මාධ්‍ය ප‍්‍රචාර හරහා හිටපු පුහුණුකරු මිකී ආතර් මහතාට එරෙහිව කෝපය ඇති කිරීමට ගත් උත්සහයෙන් පසුව පවා ඔහුව නැවත කැඳවා කණ්ඩායමේ ඉඩ ලබා දුන්නේය. ඉන් මාස ගණනාවකට පසුව ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත.
ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීම ස`දහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය ‘විශ‍්‍රාම යන‘ ක‍්‍රීඩකයන් අවම වශයෙන් එක් තරග වාරයකදී දේශීය ක‍්‍රිකට් තරග වලින් 80% ක් ක‍්‍රීඩා කිරීම අනිවාර්ය කරමින් දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
”එල්.පී.එල් තරගාවලිය විශ‍්‍රාමික ක‍්‍රීඩකයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපට අවශ්‍ය නෑ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය නම් ඔවුන්ට දේශීය තරගාවලි සඳහා ක‍්‍රීඩා කිරීමට සිදු වෙනවා. එසේ නොමැති නම්, ඔවුන් ලීගය සඳහා සලකා බලන්නේ නෑ” යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පවසා ඇත.
- 2079
Sk Sunday, 09 January 2022 03:06 PM
එක එක නීති එක එක වෙලාවට ගේනවා. ක්‍රිකට් ආයතනය හරියට පතෝල කරලක් වගේ.. කිසිම වැඩක් නෑ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.