Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන් 29 වැනි ටෙස්ට් ශතකය ලබාගනී

විලියම්සන් 29 වැනි ටෙස්ට් ශතකය ලබාගනී

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (29 වැනිදා) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 29 වැනි ශතකය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක කේන් විලියම්සන් (104) සමත් විය. 

දෙවැනි දිනය නිමාවට පත්වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 266 ක් ලබා බංග්ලාදේශයට වඩා තවත් ලකුණු 44 ක් පසුපසින් සිටි අතර ඒ වන විට කයිල් ජැමීසන් ලකුණු 7 ක්ද, නායක ටිම් සවුති එක් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

හෙන්රි නිකෝල්ස් (19) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක් එක්කළ විලියම්සන්, ඉන් නොනැවතී ඩැරිල් මිචෙල් (41) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක්ද, ග්ලේන් පිලිප්ස් (42) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක්ද එක්කරමින් නවසීලන්ත ඉනිම ගොඩනැගුවේය. 

සිය 29 වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 11 කින් සැරසීමට විලියම්සන් සමත් වූ අතර මිචෙල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්ද, පිලිප්ස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 89 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. 

පළමු දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 310 ක් ලබා සිටි බංග්ලාදේශයට අද දිනයේදී එක් ලකුණක් හෝ ලබාගැනීමට නොහැකි විය. අද දිනයේදී යැවූ පළමු පන්දුවේදීම ෂොරිෆුල් ඉස්ලාම් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් ටිම් සවුති, බංග්ලොදේශ ඉනිම නිමාවට පත් කළේය.

 
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 310 
(මහමදුල් හසන් 86, නජ්මුල් හොසේන් 37, මොමිනුල් හක් 37, ශහදත් හසන් 24, මෙහෙදි හසන් 20, නුරුල් හසන් 29, ග්ලේන් පිලිප්ස් 53/4, කයිල් ජැමීසන් 52/2, අජාස් පටේල් 76/2) 

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 266 
(ටොම් ලේතම් 21, කේන් විලියම්සන් 104, ඩැරිල් මිචෙල් 41, ග්ලේන් පිලිප්ස් 42, තයිජුල් ඉස්ලාම් 89/4) 

-036


අදහස් (0)

විලියම්සන් 29 වැනි ටෙස්ට් ශතකය ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.