Last Update  :  2025-03-29 21:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විශ‍්‍රාම යාම මාස 3 ක් කලින් කියන්න

විශ‍්‍රාම යාම මාස 3 ක් කලින් කියන්න

editorial - 2022 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමගින් ගිවිසුම්ගතව සිටින කී‍්‍රඩකයන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම යාමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව මාස තුනකට කළින් දැනුම්දිය යුතු බව ඊයේ (07 වැනිදා) රැස්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව නිවේදනය කරයි. ජාතික කණ්ඩායමේ ඇතැම් කී‍්‍රඩකයන් රට හැරදමා විදේශයන්හි කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට යාමේ බලාපොරොත්තුවෙන් පසුවන බැවින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව මෙම පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

විදේශයන්හි පැවැත්වෙන පෞද්ගලික හිමිකාරිත්වය ඇති කණ්ඩායම් වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට බලාපොරොත්තු වන කී‍්‍රඩකයන්ට, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඒ සඳහා විරෝධතාවක් නොමැති බවට සහතිකය ලැබෙන්නේ ඔවුන් සමුගැනීමේ නිල නිවේදනය කිරීමෙන් මාස 6 කට පසුවය. මේ වන විටත් තමන් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්නා බව දැනුම් දී ඇති කී‍්‍රඩකයන් සඳහාත් මෙම තත්ත්වය බලපැවැත්වේ.

අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත් කී‍්‍රඩකයන් වුවද, එල්.පී.එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන්නේ නම් ඒ සඳහා, අවම වශයෙන්, දේශීය තරගාවලියේ තරග වලින් 80‍% කට වත් සහභාගි වී තිබිය යුතු බවටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක සභාව තීරණය කර තිබේ.

කි‍්‍රකට් ආයතනය සමගින් ගිවිසුම්ගත වී සිටින කී‍්‍රඩකයන් සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ දැන් ආරම්භ වී තිබේ. මෙම පරීක්‍ෂණ වලදී මෙතෙක් පැවැති ශාරීරික යෝග්‍යතා මට්ටම් ඉහළ දැමීමටද තීරණය කර ඇත. ඒ අනුව කිලෝ මීටර 2 ක් දිවයාම සඳහා කලින් පැවැති කාලය වන විනාඩි 8 තත්පර 35, විනාඩි 8 තත්පර 10 දක්වා අඩු කෙරෙනු ඇත.


- 213

 


අදහස් (0)

විශ‍්‍රාම යාම මාස 3 ක් කලින් කියන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.