Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙස්ලි - ශා. බෙනඩික් මහ තරගය හෙට - අනිද්දා

වෙස්ලි - ශා. බෙනඩික් මහ තරගය හෙට - අනිද්දා

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර 126 වැනි වරටත් පැවැත්වෙන ‘කාට්මන් කුසලාන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 25 සහ 26 යන දිනවලදී (හෙට සහ අනිද්දා) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. දෙවිදුහල් අතර පැවැත්වෙන ‘ලූක් පළිහ’ සමාරම්භක සීමිත ඕවර තරගය අප්‍රේල් මස 2 වැනිදා බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම තරග දෙකම බෙනඩික්-වෙස්ලි ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරනු ලබන අතර පාසල් දෙකම එහි සත්කාරකත්වය දරයි. තරගාවලියේදී පිරිනමනු ලබන කුසලාන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ සහ වෙස්ලි විද්‍යාලයේ සේවය කළ ප්‍රසිද්ධ විදුහල්පතිවරුන් දෙදෙනකු වෙනුවෙන් නම් කර ඇත.  

කාට්මන් කුසලානය වෙස්ලි විද්‍යාලයේ හිටපු විදුහල්පති ජේම්ස් කාට්මන් පියතුමන් සිහි කිරීම සඳහා නම් කර තිබේ. ලූක් පළිහ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂක ලූක් ග්‍රෙගරි පියතුමන් වෙනුවෙන් නම් කොට ඇත. 

පසුගිය වසරේ ‘කාට්මන් කුසලාන’ තරගයේදී පාසල් දෙකම දින දෙකක් පුරා උද්වේගකර සටනක නිරත වූ නමුත් කොටහේනේදී ඇති වූ වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ ක්‍රීඩා කිරීමට තිබූ කාලය කෙටි වීම තරගය නිසා ජය පරාජයෙන් තොරව එය අවසන් විය. කොවිඩ් තත්ත්වය හමුවේ කොළඹ නගරය වසා දැමීමට සිදු වීම හේතුවෙන් එවර ‘ලූක් පළිහ‘ සීමිත ඕවර තරගය නොපැවැත්විණි. 

ඉකුත් වසරේදී (2021) පැවැති රෙගුලාසිවලට අනුකූලව ‘කාට්මන් කුසලාන’ තරගය කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට සිදුවිය. කෙසේ වුවත් මෙම වසරේදී ‘කාට්මන් කුසලාන‘ තරගය මෙන්ම ‘ලූක් පළිහ’ සීමිත ඕවර තරගයද ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට විද්‍යාලයන්හි ඒකාබද්ධ කමිටුව කටයුතු සූදානම් කොට ඇත. 

මෙවර ශාන්ත බෙනඩික් විද්‍යාලයීය කණ්ඩායම සිව්වැනි වසරේ වර්ණලාභී කඩුලු රකින පිතිකරුවකු වන පසන් සුවහස් විසින් මෙහෙයවනු ලබයි. ඔහු මෙවර තරග වාරයේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවැති සීමිත ඕවර තරගයකදී ලකුණු 150 ක් ලබා ගැනීමට සමත් විය. බෙනඩික් ක්‍රීඩකයන් එම තරගාවලියේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට වඩා දස්කම් දැක්වූ අතර ඉන් පෙර ඔවුන්ගේ සාම්ප්‍රදායික දෙදින තරගයේදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය පරාජය කිරීමටද සමත් විය. 

කණ්ඩායමේ සෙසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස සිව්වැනි වසරේ වර්ණලාභී තුන් ඉරියව් ක්‍රීඩක අශේන් ද සොයිසා, තෙවැනි වසරේ වර්ණලාභී යොහාන් සොයිසා, තුන් ඉරියව් ක්‍රීඩක සචින් සේනානායක, වේග පන්දු යවන ක්‍රීඩක අනීෂ මධුමල්ක හැඳින්විය හැකිය. වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක චමත් චාතුර්ය සහ යොවුන් පිතිකරු ශාරුජන් ෂන්මුගනාදන්ද එහිදී අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයෝ වෙති. 

පස්වැනි වසරේ වර්ණලාභීයකු වන තුන් ඉරියව් ක්‍රීඩක සාහිල් ඩයස් මෙවර තරගයේදී වෙස්ලි විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි. දැනටමත් ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව වෙස්ලි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගෙන ඇත. උප නායක අනුදිත් වික්‍රමසිංහ, සෙමිල ලියනගේ, ටිල්ෂාන් සේනානායක සහ රකිත් ප්‍රනාන්දු එම කණ්ඩායමේ සිව්වැනි වසර වර්ණලාභී ක්‍රීඩකයෝ වෙති. වසර 50 කට පසු ශාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් වෙස්ලි විද්‍යාලය මේ වසරේ පළමු ජයග්‍රහණ අත්කර ගත්තේය. 

දෙදින තරගය මෙන්ම සීමිත ඕවර තරගයද රූපවාහිනියේ ටී.වී.-1 නාලිකාව ඔස්සේ සහ ජනප්‍රිය පාසල් කේන්ද්‍ර කරගත් ඩිජිටල් වේදිකාවක් වන Quadranglezs ටියුබ් නාාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත.  

ශාන්ත බෙනඩික් විදුහල් සංචිතය 

ඉදිරි පෙළ (වමේ සිට) - යොහාන් සොයිසා, මධුෂාන් කුලරත්න මහතා (පුහුණුකරු), අමල් ප්‍රනාන්දු මහතා (පුහුණුකරු), අෂේන් ද සොයිසා (නියෝජ්‍ය විදුහල්පති), ගරු දිල්ෂාන් විමුක්ති සහෝදරතුමා (ක්‍රීඩා සම්බන්ධීකාරක/ක්‍රීඩා භාර ආචාර්ය), ගරු පුබුදු රාජපක්ෂ සහෝදරතුමා (අධ්‍යක්ෂ), පවන් සුවහස් (නායක), රනේෂ් පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), ලාල් වික්‍රමතුංග (උපදේෂක) සහ සචින් සේනානායකක

පසු පෙළ (වමේ සිට) - විදුන්ත් විල්සන්, මෙවන් දිසානායක, ශෙරෝන් කන්නංගර, ෂෙනෙල් සමරතුංග, චමත් චාතූර්ය, අනීෂ මදුමල්ක, ආර්ෂන් ජෝෂප්, අක්ෂර් සෙල්වනායම්, ඩිලාන් මලින්ත, පන්කජ පෙරේරා, විහාර අත්තනායක, හරීන් ඔලගම, කොජිත හිම්සර, ශාරුජන් ෂන්මුගනාතන්, අවීෂ සඳරුවන් සහ හසංග නානායක්කාර  

වෙස්ලි විදුහල් සංචිතය 

ඉදිරි පෙළ (වමේ සිට) - ශානුක ජීවන්ත (පුහුණුකරු), සෙමිල ලියනගේ, කීර්ති ගුණරත්න (ප්‍රධාන පුහුණුකරු), සාහිල් ඩයස් (නායක), ඒ.ඒ.එම්. ප්‍රනාන්දු (විදුහල්පති), අනුදිත් වික්‍රමසිංහ (උප නායක), වසන්ත කළුආරච්චි (ක්‍රීඩා භාර ආචාර්ය), ටිල්ෂාන් සෙනානායක, කාවින්දන පෙරේරා (පුහුණුකරු) 

පසු පෙළ (වමේ සිට) - තරංග ප්‍රනාන්දු, රකිත ප්‍රනාන්දු, රවිඳු සිගේරා, යබේෂ් බ්ලෙසිං, උවින් පෙරේරා, චමත් ගෝමස්, සනිතු අමරසිංහ, පහන් බි්‍රටෝ, ලිනාල් සුබසිංහ, දිසුල යාපා, අෂාන් ඉසිර සහ ශාකේෂ් මිනන් 

 


අදහස් (0)

වෙස්ලි - ශා. බෙනඩික් මහ තරගය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.