Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිධුරයට නලින් වික්‍රමසිංහ මහතා නිතරගයෙන් පත්වී සිටී. එහි 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ එම වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේදී සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.
නව සභාපතිවරයා මීට පෙර එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයේ කටයුතු කළේය. ප්‍රධානතම වාණිජ බැංකුවක හිටපු කළමනාකරැවකු වන ඒ මහතා මොඩ් ඉංජිනේරු හා ඉදිකිරීම් සමූහ ආයතනයේ වත්මන් සාමාන්‍යාධිකාරිවරයයි.
තරින්ද්‍ර කළුපෙරුම මහතා ප්‍රධාන ලේකම් ධුරයට පත්විය. සංගමයේ ඔහුගේ කලින් ධුරය වූයේ තරග කමිටුවේ සභාපති ධුරයයි.
මෙරට පැරණිතම ක්‍රිකට් සංගමයක් වන වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 1911දී ආරම්භ කර තිබේ. එහි සභාපතිවරැන් ලෙස ආරම්භක ඒ අවධියේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දිගින් දිගටම කටයුතු කර තිබේ. එම ධුරයට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ 1965 වසරේදී සභාපති ධූරයට පත් චන්ද්‍රා ෂාෆ්ටර් මහතාය.
නව සභාපති නලින් වික්‍රමසිංහ මහතා පානදුර ශ්‍රී සුමංගල විදුහල් ආදි ශිෂ්‍යයකු වන අතර ඔහු එහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය දරමින් පසුව වෙළඳ සේවා තරගාවලියේ ක්‍රීඩා කළ අයෙකි.
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නව නිලධාරි මණ්ඩලය (2021-23)
සභාපති:-නලින් වික්‍රමසිංහ මහතා (මොඩ් ඉංජිනේරු)
ලේකම්:-තරින්ද්‍ර කළුපෙරුම මහතා (ස්ටැෆර්ඩ් මෝටර්ස්)
භාණ්ඩාගාරික:-අචින්ත හේවානායක (ඩී.එෆ්.සී.සී. බැංකුව)
උප සභාපතිවරැ:-මහේෂ් ද අල්විස් (ෆෙයා ෆස්ට් රක්ෂණ), තුෂාන් අමරසූරිය (සිංගර් ශ්‍රී ලංකා), ශිරෝෂි ගුණතිලක (ට්‍රෙන්ඩෙක්ස්) යන මහත්වරු
උප භාණ්ඩාගාරික:-සංජය විජේසිංහ මහතා (ෆර්ස්ට් වොයිස්)
උප ලේකම්:- රොහාන් සෝමවංශ මහතා (ඩී.එස්.අයි. සමූහ)
ක්‍රියාකාරී සභිකයෝ :- දුමින්ද පින්ටෝ (මර්චන්ට් බැංකුව), පී.කේ. අබේසේකර (ජෝන් කීල්ස් සමූහ), අජිත් සියඹලාපිටිය (එම්.ඒ.එස්. යුනිවෙලා), සජිත් අතපත්තු (ආසියා ඇසට් ෆිනෑන්ස්), හසිත දිසානායක (සී.ඩී.බී. ෆිනෑන්ස්), ලක්මාල් ද සිල්වා (ඩේවිඩ් පිරිස් මෝටර්ස්)
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.