Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමරුවෝ අවසන් තරගයට එති

වේල්ස් කුමරුවෝ අවසන් තරගයට එති

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉකුත් වසරේ ශූරයන් වූ වේල්ස් කුමර විදුහල ඊයේ (11 වැනිදා) සමත් විය.

කොට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් වේල්ස් කුමර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කටුගස්තොටදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුව වේල්ස් කුමර විදුහලට අවසන් පූර්ව වටයට පිවිසි අතර රාජකීය විදුහලට අවසන් පූර්ව වටයට පිවිසියේ කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුවය.


වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 63 කදී කඩුලු 8 ක් දැවී 215
(රතික ප්‍රනාන්දු 56, තරිඳු අමරසිංහ 31, ගීෂාන් ප්‍රනාන්දු 36, සඳුන් රණතුංග 25, විනුජ රන්පුල් 26, කනික දයාරත්න 51/3, සබීෂ රජපක්ෂ 48/2, දසිස් මංචනායක 50/2)

රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 186
(දසිස් මංචනායක 45, සබීෂ රාජපක්ෂ නොදැවී 34, නිතින් පනාපිටිය 20, විනුජ රන්පුල් 24/3, ඉඳුවර ද අල්විස් 31/2)

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.