Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමරුවෝ ඉනිමක ජයක් ලබති

වේල්ස් කුමරුවෝ ඉනිමක ජයක් ලබති

Nisanka Sandeepani - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 85 ක ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත් විය. 
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වේල්ස් කුමර විදුහලේ කෞමාල් නානායක්කාර ලකුණු 71 කට කඩුලු 9 ක් දවාගැනීමට සමත් වූ අතර එම විදුහලේම සුවත් මෙන්ඩිස් ලකුණු 84 ක් රැස්කරමින් සහ ලකුණු 108 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
 
වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 4 ක් දැවී 335 
(සුවත් මෙන්ඩිස් 84, දිනුර ප්‍රනාන්දු නොදැවී 55, ප්‍රින්ස් ප්‍රනාන්දු 54, විනුජ රන්පුල් 51, දේවක පීරිස් නොදැවී 44, තරිඳු අමරසිංහ 42, සඳෙව් මෙවන් 80/2) 
 
මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 24.5 කදී සියලු දෙනා දැවී 69 
(සුවත් මෙන්ඩිස් 31/4, නදුක ප්‍රනාන්දු 15/3, කෞමාල් නානායක්කාර 07/2) 
 
මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 69.3 කදී සියලු දෙනා දැවී 181   
(නඳුන් දිල්ෂාන් 54, රොමාල් ප්‍රනාන්දු 42, නිම්න සෙනේෂ් 40, පසිඳු සසන්ත 23, කෞමාල් නානායක්කාර 64/7, සුවත් මෙන්ඩිස් 77/2) 
 
-036 

අදහස් (0)

වේල්ස් කුමරුවෝ ඉනිමක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.