Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි ටෙස්ට් තරගයේදී තමන් පන්දුව පළුදු කළේ යයි ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් කී කතාව තුන්වැනි ටෙස්ට් තරගයේදී තමන් වඩාත් දැඩිව කී‍්‍රඩා කිරීමට පොළඹවනු ඇතැයි දකුණු අපි‍්‍රකානු පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතා කියයි.
”ඒ කතාව නිසා අපි සියයට 10 කින් දිරිමත් වුණා” යයි ඩොමින්ගෝ කියයි.
ඬේවිඞ් වෝනර් එංගලන්තයේ ‘ස්කයි ස්පෝට්ස්’ ගුවන් විදුලි සේවයට කියා සිටියේ දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කඩුලූ රකින්නා වූ ඒ. බී. ඩිවිලියර්ස් පන්දුව පළුදු කිරීම සඳහා තමන්ගේ අත් ආවරණ භාවිතා කළ බව තමන්ට දැණුනු බවයි.
කෙසේ වෙතත් වසර 44 කට පසුව ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තම රටේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට වෝනර්ගේ මේ කතාව උත්තේජකයක් බව ඩොමින්ගෝ මහතා කියයි. දකුණු අපි‍්‍රකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගය මාර්තු 1 වැනිදා (සෙනසුරාදා) නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
දෙරට අතර පැවැති මුල් තරග දෙකේදී දෙපිලම තරගයක් බැගින් ජයගැනීම නිසා තරගාවලිය 1 - 1 ක් ලෙසින් සමවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.