Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශතකය පෙනි පෙනී සචින් දැවී යයි
කෝට්ටේ සටන

ශතකය පෙනි පෙනී සචින් දැවී යයි

editorial - 2025 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ කෝල්ට්ස් පිටියේදී අ ද (28) ආරම්භ වූ  ශ්‍රී ජයවර්ධනපුර විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර 46 වැනි කෝට්ටේ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ජයවර්ධනපුර විදුහල දිනය නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 218 ක් (ඕවර 98) රැස් කර තිබුණි.

දිනයේ කැපී පෙණුනුම සිදුවිම වූයේ ජයවර්ධනපුර කණ්ඩායමේ නායක සචින් ෂෙහාන් ශතකය පෙනි පෙනී ලකුණු 98 කට දැවී යාමයි. ඒ සදහා ඔහු පන්දු 199 ක් වැය කළේ හතරේ පහර නවයක් හා එක් හයේ පහරක් එල්ල කරමිනි. එක් අවස්ථාවකදී ලකුණු 97 කට කඩුලු පහක් බිද වැටී කඩා වැටෙමින් තිබුණු ජයවර්ධනපුර මුල් ඉනිමට ඔහුගේ මෙම පිතිහරඹයෙන් යම් ස්ථාවර බවක් ඇති විය.

ශාන්ත තෝමස් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නාවූ සදීල් ඩයස් ලකුණු 63 කට කඩුලු පහක් බිද හෙළීය.මෙම මහ තරගය අදත් හෙටත් (29 -30) කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.

 

ජයවර්ධනපුර විදුහල - පළමු ඉනිම  කඩුලු 8 කට 218  යි 
(ප්‍රමෝදර සත්සර 14, රසල් වීරක්කොඩි 18, සචීන් ෂෙහාන් 98, අංජන නිදූෂ 16, මනුත් මල්සුක 22, තුලන සෙතුම් කුමාර නොදැවී 10, සදීල් ඩයස් 63/5, සේසත් රන්ම්ත 65/2)


අදහස් (0)

ශතකය පෙනි පෙනී සචින් දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.