Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර 2025 - 2027 පාලන කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ශම්මි සිල්වා මහතා නැවත වරක් නිතරඟයෙන් පත්විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (31 වැනිදා) පැවැති නිලවරණයේදී ශම්මි සිල්වා මහතා තුන්වැනි වරටත් සභාපති තනතුර සඳහා නිතරඟයෙන් පත්විය. වසර 2019 සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර දරන ශම්මි සිල්වා මහතාගේ සිව්වැනි ධූර කාලය මෙයයි.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව විසින් ශම්මි සිල්වා මහතාගේ පත්වීම අනුමත කරනු ලැබිණ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන සුනිල් එස්. සිරිසේන, සෝමරත්න විදානපතිරණ සහ ආර්.එම්.සී.එම්. හේරත් යන මහත්ම මහත්මීහු නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙසින් කටයුතු කළහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (වසර 2003 ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය) 64 වැනි නිලවරණය මෙයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පසුගිය දෙසැම්බරයේදී සංශෝධනය කරන ලද අතර එතෙක් පැවැති ඡන්ද 147 පසුගිය දෙසැම්බරයේ සිට 60 ක් දක්වා අඩු කරන ලදි.
අද පැවැති නිලවරණයේදී විධායක කමිටුවේ තවත් නිලධාරීහු හය දෙනෙක්, 2025 - 2027 පාලන කාලයේ විධායක කමිටුවේ තනතුරු සඳහා නැවත වරක් නිතරගයෙන් පත්වූහ.
ජයන්ත ධර්මදාස (උප සභාපති), රවීන් වික්‍රමරත්න (උප සභාපති), බන්දුල දිසානායක (ලේකම්), සුජීව ගොඩලියැද්ද (භාණ්ඩාගාරික), ක්‍රිෂාන්ත කපුවත්ත (උප ලේකම්) සහ ලසන්ත වික්‍රමසිංහ (උප භාණ්ඩාගාරික) යන මහත්වරු ඔව්හු වෙති.
ඔවුන් අතුරින් බන්දුල දිසානායක මහතා ලේකම් තනතුරට පත්වූයේ හිටපු ලේකම් මොහාන් ද සිල්වා මහතා පසුගිය දෙසැම්බරයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බැවිනි. එතැන් සිට ලේකම් ධුරයේ කටයුතු සොයා බැලූ හිටපු උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා යළිත් වරක් උප ලේකම් තනතුරටම පත්වී සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.