Last Update  :  2024-10-21 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ජය ලබති
නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන - 2024

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ජය ලබති

editorial - 2024 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ හොං කොං කණ්ඩායම අතර ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංගණයේදී ඉරිදා (20 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් ලකුණු 42 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය හොං කොං කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිපුන් රංසික ඕවර 3 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත් අතර දුෂාන් හේමන්ත ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳහෙළමින් හොං කොං කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා නිපුන්ට අනගි සහායක් දුන්නේය. 

හොං කොං ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ යස්මින් මුර්ටාසා පන්දු 31 කදී හයේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර බාබර් හයට් පන්දු 41 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. ලකුණු 59 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 178 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ අරම්භක පිතිකරු යෂෝධ ලංකා පන්දු 44 කින් ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නායක නුවනිඳු ප්‍රනාන්දු පන්දු 18 කදී ලකුණු 25 ක්ද, රමේෂ් මෙන්ඩිස් පන්දු 12 කදී නොදැවී ලකුණු 24 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම සවිමත් කළහ. 


ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 178 
(යෂෝධ ලංකා 56, ළහිරු උදාර 14, නුවනිඳු ප්‍රනාන්දු 25, පවන් රත්නායක 23, සහන් ආරච්චිගේ නොදැවී 23, රමේෂ් මෙන්ඩිස් නොදැවී 24, අටීබ් ඉක්බාල් 26/2) 

හොං කොං පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 136 
(සීෂාන් අලී 18, බාබර් හයට් 38, මාටින් කොයෙට්සර් 15, යසීම් මුර්ටාසා 44, නිපුන් රංසික 17/3, දුෂාන් හේමන්ත 20/2) 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.