Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලාංකිකයෝ ටෙස්ට් තරගාවලියත් දිනති
ඒ පිලේ දකුණු අප්‍රිකානු සංචාරය

ශ්‍රී ලාංකිකයෝ ටෙස්ට් තරගාවලියත් දිනති

editorial - 2024 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පන්දු 67 කින් ලකුණු 116 ක් ලබාගත් පවන් රත්නායකයේ ප්‍රවේගකාරී ඉනිමත්, නායක පසිඳු සූරියාරච්චිගේ විශිෂ්ට සහයෝගයත් නිසා විනාඩි 207 කින් ලකුණු 254 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව බෙනෝනි නුවරදී පැවැති දෙවැනි  ටෙස්ට් තරගයේදීත් කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව  පැවැති නිල නොවන ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් අත්කර ගත්හ. 

තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 ක ජයක් අත්කර ගත්තේය. 

සිය දෙවැනි ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 238 ක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙත අභියෝගාත්මක ඉලක්කයක් වීසි කළහ. පවන් රත්නායක සහ පසිඳු සූරියබණ්ඩාර දෙදෙනාගේ සැලසුම් සහගත ප්‍රහාරය නිසා සිව්වැනි දින දිවා ආහාරයෙන් පසුව තරගය අවසන් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකිවිය. 

පවන් රත්නායකගේ  ප්‍රහාරාත්මක ඉනිම හයේ පහර 7 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය. පවන්ට කදිම සහයෝගයක් දුන් නායක පසිඳු සූරියබණ්ඩාර පන්දු 67 කින් ලකුණු 52 ක් ලබාගත්තේ හතරේ පහර 6 ක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. 

දෙදෙනාගේ උපාය වූයේ පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවක් පවන්ට පැවරීමත්, පවන් හැකි තරම් වේගයෙන් ලකුණු ලබාගැනීමත්ය. 

ශ්‍රී ලාංකිකයන් දෙවැනි ඉනිම ආරම්භ කළේම ඉලක්කය කරා යාමේ අභිප්‍රායෙනි. ළහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු දෙදෙනා ඕවර 12.2 කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක් එකතු කළද ලකුණු 19 ක් ඇතුළත කඩුලු තුනක්ම බිඳ වැටිණ. එහෙත් පසුපස බැලුවේ ශ්‍රී ලාංකිකයන් නොවේ. ඔව්හු එතැන් සිටත් ජයග්‍රාහී ඉලක්කය සොයා ගියහ. 

සූරියබණ්ඩාර සහ රත්නායක  දෙදෙනා ඕවර 17.3 කදී ලකුණු 136 ක් එක් කරමින් තරගය දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉවතට ඇදගෙන  ගියහ. ජයග්‍රාහී ලකුණ ලබාගන්නා විට නායකයා පිටියෙන් ඉවත්ව සිටි නමුත්  වඩාත් සාධාරණ ලෙසින් පවන් රත්නායක ක්‍රීඩාගාරයට පැමිණියේ තරගය ජයගැනීමෙන් පසුවය. 

දකුණු අප්‍රිකානු ‘ඒ’ - පළමු ඉනිම 334 යි

ශ්‍රී ලංකා ‘ඒ’- පළමු ඉනිම 319 යි

දකුණු අප්‍රිකානු ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 9 ට 238 යි

ශ්‍රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 5 ට 254 යි
(ළහිරු උදාර 25, නුවනිඳු ප්‍රනාන්දු 18, ජනිත් ලියනගේ 11, පසිඳු සූරියබණ්ඩාර 52, පවන් රත්නායක නොදැවී 116, සොනාල් දිනූෂ 16, ප්‍රිනීලන් සුබ්‍රයන් 108/3, බේයර්ස් ස්වෝන්පෝල් 30/2)

විග්‍රහය - ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව ඇසුැරිනි


අදහස් (0)

ශ්‍රී ලාංකිකයෝ ටෙස්ට් තරගාවලියත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.