Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 96 ක ජයක් ලබාගැනීමට මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශශික දුල්ශාන් කඩුලු 8 ක් සහ කේසර නුවන්ත කඩුලු 6 ක් දවාගනිමින් මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ශා.සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 307
(චේතක දෙනුවන් 102, චිහාන් කළිඳු 39, ශශික දුල්ශාන් 39, නවීන් සහීඞ් නොදැවී 29, රිශිර ලක්වින් 27, පුෂ්පිත දිල්ශාන් 24, කේසර නුවන්ත 20, තිනෙත් වීරසූරිය 103/4, ගිහාන් අබේවර්ධන 92/2)
ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(ගජිත් කොටුවේගොඩ 30, පසන් වීරසිංහ 23, ශශික දුල්ශාන් 21/3, කේසර නුවන්ත 34/3, චේතක දෙනුවන් 15/2)
ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(ශශික දුල්ශාන් 13/5, කේසර නුවන්ත 36/3, රුවින්ද රෝචන 01/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.