Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගය හෙට

ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගය හෙට

editorial - 2023 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හෙට (30 වැනිදා) පැවැත්වෙන තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය. 

මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර නෙදර්ලන්තය එහි සිවුවැනි ස්ථානයේ පසුවේ. මෙම තරගය ජයගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකිවනු ඇත. මූලික වටයේ තරගවලට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම කිසිදු වෙනස්කමකින් තොරව අද තරගයටද ක්‍රීඩා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

මූලික වටයේදී එක්සත් අරාබි එමීර් රාජය්‍යට එරෙහිව ලකුණු 175 කද, ඕමානයට එරෙහිව කඩුලු 10 කද, අයර්ලන්තයට එරෙහිව ලකුණු 133 කද, ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 82 කද ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. 

මූලික වටයේදී සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්වූ නෙදර්ලනතය, සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට එරෙඑහිව කඩුලු 5 කද, නේපාලයට එරෙහිව කඩුලු 7 කද, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සුපිරි ඕවරයද ජයගනිමිනි. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.