Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (21 වැනිදා) පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමද, ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමද තරග බිමට පිවිසීමට නියමිතය.
තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 4 බැගින් වූ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන්ද, ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන‘ඒ’ කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙන්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා බවට පත්වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ‘බී’ කාණ්ඩයේ දෙවැනියා බවට පත්වූ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව තරග වදින අතර එම තරගය හෙට පෙරවරු 10.00 සිට කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
‘බී’ කාණ්ඩයේ පළමු වැනියා බවට පත්වූ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා බවට පත්වූ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව තරග වදින අතර එම තරගය හෙට පස්වරු 2.00 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණ ලබන කණ්ඩායම් දෙක අතර තරගාවලියේ අවසන් මහ තරගය එළබෙන 23 වැනිදා පස්වරු 2.00 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.