Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් අනුග්‍රාහකයා මූස් ක්ලෝතින්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් අනුග්‍රාහකයා මූස් ක්ලෝතින්

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘මූස් ක්ලෝතින්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හසිබ් ඔමාර් මහතා විසින් ඇෆ්ඝනිස්ථාන තරගාවලිය සඳහා යොදා ගැනෙන ශ්‍රී ලංකා ටී-ෂර්ටය, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න වෙත පිරිනමන ලද අවස්ථාව... ‘මූස් ක්ලෝතින්’ සමාගමේ අළෙවි කලමණාකාරිණී කිත්මිණී ද සිල්වා මහත්මිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා, ප්‍රධාන විධායක නිලදාරි ඈෂ්ලි ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද ඡායාරූපයේ සිටිති.

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල නිල ඇඳුම් සහකරු ලෙස ඉදිරි වසර 4 ක කාලයක් සඳහා අනුග්‍රහය දැක්වීමට ‘මූස් ක්ලෝතින්’ සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර තිබේ.

මෙම නව හවුල්කාරිත්වය යටතේ ජාත්‍යාන්තර ක්‍රිකට් සභාව සහ ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන තරගාවලින්ද ඇතුළුව ඉදිරියේදී ශ්‍රී ලංකාව සහභාගි වීටම නියමිත සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් නිල ඇඳුම් ලබා දීමට ‘මූස් ක්ලෝතින්’ සමාගම කටයුතු කරනු ඇත.

මෙම සහයෝගීතාවයේ පළමු පියවර සනිටුහන් කරමින් ලබන ජූනි මස ඇෆ්ගනිස්ථානයට එරෙහිව  පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ටී-ෂර්ටය කොළඹ, රමාඩා හෝටලයේදී පවත්වන ලද මධ්‍ය හමුවකදී එළිදැක්වීමට ‘මූස් ක්ලෝතින්’ සමාගම පියවර ගත්තේය.

“මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්ෂේත්‍ර ද්විත්වයක් වන ඇඟලුම් කර්මාන්තය සහ ක්‍රිකට් ක්‍රීඩාව ඒකාබද්ධ කිරීමයි. ගෝලීය තලයේ වේදිකාවක මූස් ඇඟලුම් වල දීප්තිමත් නිර්මාණශීලිත්වය, දක්ෂතා සහ ශක්තීන් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරිත්වය යොදාගැනීමට අපි කැමතියි. අවසාන වශයෙන්, මෙය ශ්‍රී ලංකාවේ විලාසිතා සහ ඇඟලුම් කර්මාන්තයේ නව යුගයක් ඇරඹීමට උපකාරී වෙතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව අප දිගු කාලයක් තිස්සේ සාකච්ඡා කළ අතර මෙම මුලපිරීම නව මානයක් වෙත ළඟාවීමට හේතු වනු ඇතැයි සිතනවා.” යැයි ‘මූස් ක්ලෝතින්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හසිබ් ඔමාර් මහතා පැවසීය.

“ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මෙම හවුල්කාරිත්වය තුලින් ‘මූස් ක්ලෝතින්’ සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර අඛණ්ඩ සබඳතාව වදුරටත් වැඩි දියුණු කරන අතර එමගින් මෙම ආයතනයේ ඇඳුම් සන්නාමය ගෝලීය වශයෙන් නිරාවරණය වන බව මට විශ්වාසයි. යනුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරි ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේය.  

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් අනුග්‍රාහකයා මූස් ක්ලෝතින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.