Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිල කමිසයේ පිටුපස කොටසේ අනුග්‍රාහකයා ලෙස ඉන්දියාව පදනම් කරගත් ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛතම සමාගමක් වන කෙන්ට් රෝ සමාගම එක්ව සිටියි.
ඉන්දියාව පදනම් කරගත් කෙන්ට් රෝ සමාගම යනු ජල පවිත්‍රකාරක සහ වෙනත් නිෂ්පාදන සඳහා සිය පාරිභෝගිකයින්ට හොඳම විසඳුම් ලබා දීම සඳහා තාක්ෂණයන් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා වන්නේය.
‘රෝ’ ජල පවිත්‍රකාරක සහ අනෙකුත් ජල පවිත්‍රකාරක විසඳුම් සඳහා විශාලතම නිෂ්පාදකයා වන අතර ජල පවිත්‍රකාරක වෙළඳපොළේ ප්‍රමුඛයා ද වන්නේය.
දෙපාර්ශවය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම යටතේ ජූලි 21 වැනිදා සිට ජූලි 25 වැනිදා දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරනු ලබන විස්සයි20 ජාත්‍යන්තර තරග 3 කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හවුල්කරුවකු ලෙස කෙන්ට් රෝ සමාගම කටයුතු කරනු ඇත. සියළුම තරග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
“කෙන්ට් රෝ සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇතිකරගත් සහයෝගිතාවය පිළිබඳව අපි අතිශයින් සතුටු වන අතර මෙම හවුල්කාරිත්වය ඉතා ගෞරවයෙන් සලකනවා. මන්දයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන හැඩගැස්වීමට මෙවැනි සම්බන්ධතා උපකාරී වෙනවා” යැයි මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
“ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිල කමිසයේ පිටුපස කොටසේ අනුග්‍රාහකයා ලෙස ඉන්දියාව - ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරඟාවලිය සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. කණ්ඩායම් දෙකටම අපි සුබ පතනවා. කෙන්ට් රෝ සමාගම අයි.පී.එල් හෝ ද්විපාර්ශ්වික හෝ විවිධ ක්‍රිකට් තරගාවලියන් සමඟ සමීපව සම්බන්ධ වෙනවා” යැයි සමාගමේ නවතම ක්‍රීඩා අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් කෙන්ට් රෝ සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ මහේෂ් ගුප්තා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කෙන්ට් රෝ සමාගම අතර ඇතිකරගත් සහයෝගිතාවය සඳහා ඉන්දියාව පදනම් කරගත් එලායන්ස් ඇඩ්වර්ටයිසින් ආයතනය විසින් පහසුකම් සපයනු ලැබුවේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.