Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඇෆ්ඝනිස්තානයට එරෙහිව බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, මෙවර විස්සයි-20 ලෝක තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඉහළ දමාගැනීමට සමත් වූහ. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පස්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉලක්කය සපුරාගැනීම සඳහා වැය වූයේ ඕවර 18.3 ක් පමණි. පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ඔවුහු ඉලක්කය පසුකර ගියහ. අනර්ඝ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 66 ක් රැස්කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය.
ලකුණු 46 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඇෆ්ඝනිස්ථාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ මුජිබුර් රහමන් සහ රෂීඩ් ඛාන් සමත් වූහ. එහෙත් චරිත් අසලංක (19) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 34 කදී ලකුණු 54 ක්ද, භානුක රාජපක්ෂ (18) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 42 ක්ද එක්කළ ධනංජය කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගොස් ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක් ලබාදීමේ අරමුණින් යුතුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට, වනිඳු හසරංග ප්‍රමුඛ පන්දු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. ඇෆ්ඝනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රහ්මනුල්ලා ගුර්බාස්ට පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 28 ක් පමණි.
තරගයේ වීරයා බවට පත්වූ වනිඳු, සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමිනි. ඉන් කඩුලු 2 ක්ම අවසන් ඕවරයේදී දවාගත් ඔහු, එම ඕවර ලකුණු 3 කට සීමා කරමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට තිබූ අවස්ථාව මඟහැරවීය.
ඇෆ්ඝනිස්ථානයට සාර්ථක ආරම්භයක් ලබාදුන් රහ්මනුල්ලා ගුර්බාස් (28) සහ උස්මාන් ඝානි (27) පළමු කඩුල්ල සඳහා පන්දු 37 කදී ලකුණු 42 ක් එක් කළහ. අධිවේගී ඕවර 6 නිමා වූ වහාම කඩුල්ල තුළට දෝලනය කරමින් යැවූ පන්දුවකින් ගුර්බාස්ගේ කඩුල්ල බිඳදැමූ ළහිරු කුමාර එම සම්බන්ධතාවට තිත තැබුවේය.
ඉන් අනතුරුව පන්දුව අතට ගත් වනිඳු, නායක දසුන් ශානකගේ සහාය ඇතිව සෙසු ආරම්භක පිතිකරුවාද පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. යළිත් ක්‍රියාත්මක වූ ළහිරු, කවදත් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නැංගුරම බවට පත්වන ඊබ්‍රහීම් සද්‍රාන් (22) පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි භානුක රාජපක්ෂගේ සහායද ඇතිවය.
ඉනිමේ 16 වැනි ඕවරය යැවීඹ සඳහා කැඳවූ ධනංජය ද සිල්වා එහිදී නජිබුල්ලා සද්‍රාන් දවාගැනීමට සමත් වූයේ ඇෆ්ඝනිස්ථාන ලකුණු පුවරුව ලකුණු 113 කට කඩුලු 4 ක් බවට පත්කරමිනි. අවසන් ඕවර 5 තුළ ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන්ට ලකුණු 40 ක් ලබාදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එහිදී කඩුලු 4 ක් බිඳහෙළීමටද සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.