Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කාන්තාවෝ තරගාවලිය සමකරති
එංගලන්ත සංචාරය

ශ්‍රී ලංකා කාන්තාවෝ තරගාවලිය සමකරති

editorial - 2023 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ චෙම්ස්ෆර්ඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 8 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ. එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 104 කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පන්දු 40 ක් ඉතිරිව තිබියදී, කඩුලු 2 කට ලකුණු 110 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ.

මෙම තරගාවලිය තරග 3 කින් සමන්විත තරගාවලියකි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළාය. අතපත්තු යැවූ මුල්ම ඕවරයේදී ඩැනියෙල් වයාත් දැවී ගිය අතර එතැන් සිට එංගලන්ත පිතිකාරිණියෝ එකා පසුපස එකා දැවී ගියහ.

සිය ප්‍රතිවාදීන් ලකුණු 104 කට දවාගත් ශ්‍රී ලංකා කාන්තාවන් හමුවේ තිබුණේ පහසු ඉලක්කයකි.

හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් ද සමගින් පන්දු 31 කින් ලකුණු 55 ක් ලබාගත් නායිකා අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආවාය. අතපත්තුට අනගි සහයෝගයක් දුන් හර්ෂිතා සමරවික්‍රම, පන්දු 35 කින් ලකුණු 30 ක් ලබාගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 104 ක් ව තිබියදී හර්ෂිතා සමරවික්‍රම තරගය අවසන් කළේ කැතරින් ක්‍රොස්ගේ පන්දුවක් හමුවේ ඩීප් මිඩ්විකට් කලාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක් ගසමිනි.


එංගලන්ත කාන්තාවෝ - ඕවර 18 කදී සියලු දෙනා දැවී 104 යි
(මයියා බවුචර් 12, හෙදර් නයිට් 14, ඇමී ජෝන්ස් 12, චාලි ඩීන් 34, ඉසී වොන්ග් 13, උදේශිකා ප්‍රබෝධනී 19/2, ඉනෝෂි ප්‍රියදර්ශනී 16/2, ඉනෝකා රණවීර 25/2, කවීෂා දිල්හාරි 17/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 13.2 කදී කඩුලු 2 ට 110 යි.
(චමරි අතපත්තු 55, හර්ෂිතා මාධවී නොදැවී 30, විශ්මි ගුණරත්න නොදැවී 18)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තාවෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.