Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයෝ ද. අප්‍රිකාවත් පරදවති

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයෝ ද. අප්‍රිකාවත් පරදවති

editorial - 2022 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දියාවේදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතයන්ගේ ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගයේදීත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම ලකුණු 54 ක ජයක් අත්කරගත්තේය. නවදිල්ලියේදී පැවැති මෙම තරගයේදී ශතකයක් (නොදැවී 101) ලබාගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සුරංග සම්පත් තරගයේ වීරයා වශයෙන්ද සම්මාන දිනාගත්තේය.

පන්දු 61 කට මුහුණ දුන් සුරංග, තම ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් කළේය. තම සහායක පිතිකරුවන් වූ සහන් කුමාර, උපුල් සංජීව සහ චන්දන දේශප්‍රිය සමගින් පිළිවෙළින් ලකුණු 50 ක්, 51 ක්, 81 ක් වන පරිදි සම්බන්ධතා පැවැත්වූ සුරංග සම්පත්, අංක 5 පිතිකරුවා ලෙසින් පැමිණි මුරුගන් මෝහනරාජා සමගින් තවත් ලකුණු 33 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවීය.

පන්දුවෙන් ද දස්කම් දැක්වූ මෝහනරාජා ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත්තේය.

 

ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 215 යි
(සුරංග සම්පත් නොදැවී 101, සහන් කුමාර 20, උපුල් සංජීව 21, චන්දන දේශප්‍රිය 42, මුරුගන් මෝහනරාජා නොදැවී 14)

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 161 යි
(ලවන්ඩේ බිද්ලා 27, බූලේ බිද්ලා 47, එඩ්රිච් තහාර් 12, රේමේ කැම්පර් නොදැවී 32, මුරුගන් මෝහනරාජ් 35/3)


අදහස් (0)

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයෝ ද. අප්‍රිකාවත් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.