Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ජපන් ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත විස්සයි-20 තරග 5 ක් සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයේ තරග සංචාරයක් සඳහා අද (8 වැනිද) පිටත්ව ගියේය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා වශයෙන් ඩෙලන් පීරිස් කටයුතු කරනු ඇත.
තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකු තෝරාගෙන ඇති අතර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තේරී නැති, ඊට පහළ තලයේ සිටින නමුත් 19 න් පහළ කාණ්ඩයට ඉහළ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා නැගී එන පිලට ඇතුළත් වෙති. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ ජාතික කණ්ඩායම සමගින් තරග වදිනු ඇත.
ජපානය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සම සාමාජික රටක් වුවද ඊට එක්දින අන්තර්ජාතික වරම් තවමත් හිමිවී නැත. එහෙත් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 61 වැනි ස්ථානය ජපානයට හිමිවී තිබේ.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ ජපානය අතර විස්සයි-20 තරග මේ මස 10, 11, 13, 14 සහ 15 යන දිනවලදී ටෝකියෝ නුවරට උතුරු දෙසින් පිහිටි සානෝ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ජූලි මාසයේදී පැවැත්වෙන නැගෙණහිර ආසියානු කලාපීය විස්සයි-20 අවසන් තරගාවලියට මුහුණදීමට ජපානයේ ජාතික කණ්ඩායම සූදානම් වෙමින් සිටී. එය ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකි.
“ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවලීමට දිරි දීමක් ලෙසින් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ජපානයට යැවීමට තීරණය කළා. මෙම සංචාරය නිසා ජපානයත් ශ්‍රී ලංකාවත් අතර පැවැත්වෙන සම්බන්ධතා වඩාත් දියුණු මට්ටමකට පැමිණේවි කියා අප හිතනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් නොතිබූ 1960 සහ 1970 දශක වලදීත් ඕස්ට්‍රේලියානු, එම්.සී.සී. (එංගලන්ත), බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියානු සහ පාකිස්තානු කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරග සංචාර වල නිරත විය.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම
ඩෙලන් පීරිස් (නායක), සකුණ ලියනගේ, දුනිත් ජයතුංග, සහිල් ඩයස්, රන්මිත් ජයසේන, ෂෙහාන් ප්‍රනාන්දු, යොහාන් ලියනගේ, සිතාර හපුහින්න (කඩුලු රකින්නා), හිරන්ත ජයසිංහ, ලක්ෂාන් ගමගේ, තීශන් විදූෂන්, ඉමිතියාස් ස්ලාසා, සිතුම් දිසානායක, හර්ෂණ වික්‍රමසිංහ සහ ධනාල් හේමානන්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.