Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ප්‍රවීණයෝ ලකුණු 42කින් ජයලබති

ශ්‍රී ලංකා ප්‍රවීණයෝ ලකුණු 42කින් ජයලබති

editorial - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උපුල් තරංගගේ (නොදැවී 99) වේගවත් පිතිහරඹය හේතුවෙන් “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්”තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති තරගයකදී බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පිලට එරෙහිව ලකුණු 42 ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 180 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ උපුල් තරංග පන්දු 47 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 99 ක් ලබාගැනීමට සමත්විය.

තිලකරත්න දිල්ශාන් ලකුණු 33 ක් සහ චාමර සිල්වා ලකුණු 24 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය ලබාදුන්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.

ආරම්භක පිතිකරු නසිමුදීන් හුදකලා පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතකයක් ලබාගත්තද බංග්ලාදේශ පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් වූයේය. පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට ඔහු සමත්විය. මෙහෙරාබ් හුසේන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් ලබාගත්තේය.

නායක තිලකරත්න දිල්ශාන් සිය ඕවර 4 ලකුණු 21 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.


ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 180
(තිලකරත්න දිල්ශාන් 33, උපුල් තරංග නොදැවී 99, චාමර සිල්වා 24)

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 138
(නසිමුදීන් 54, මෙහෙරාබ් හුසේන් 27, ඛලීල් මෂූඩ් නොදැවී 28, තිලකරත්න දිල්ශාන් 21/3, ධම්මික ප්‍රසාද් 22/2)


- 2079

 


අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රවීණයෝ ලකුණු 42කින් ජයලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.