Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ෂේන් මැක්ඩොමට් මහතා බංග්ලාදේශ සංචාරයෙන් ඉවත්වූ බව දැනගන්නට ඇත. මේ වනවිට 40 හැවිරිදි වියේ පසුවන මැක්ඩොර්මට් මහතා මීට දින කිහිපයකට පෙර කෙටි විවේකයක් සඳහා ඉල්ලුම් කර තිබූ අතර ඔහු හෝටලයේ ජෛව ආරක්ෂිත බුබුලට සම්බන්ධ නොවූ අතර පසුගිය දින කිහිපයේදී ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් වලටද පැමිණ නැත.
ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින නමුත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියට සූදානම් වීමට විවේකයක් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් කියැවේ. බංග්ලාදේශ සංචාරයෙන් පසුව පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය ලබන මස දෙවැනි සතියේදී ආරම්භ වීමට නියමිතය.
මැක්ඩොර්මට් මහතා වෙනුවට බංග්ලාදේශ සංචාරය සඳහා මනෝජ් අබේවික්‍රම මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතිරේක සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන සජීව වීරකෝන් මහතාද බංග්ලාදේශ සංචාරයට එක්වනු ඇත. මනෝජ් අබේවික්‍රම සහ සජීව වීරකෝන් යන මහත්වරුන් දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරය කළ සංචිතයට අයත් නොවූහ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.