Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත යොවුන් පිලට එරෙහිව චැල්ම්ස්ෆෝඩ්හිදී පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 273 ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිල, සිවුවැනි දිනය වූ අද (24 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියේය.
ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක් පසුපසින් සිටි අතර රනුද සෝමරත්න ලකුණු 34 ක්ද, නායක රවීන් ද සිල්වා ලකුණු 18 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. සදිෂ රාජපක්ෂ (4), ෂෙවෝන් ඩැනියෙල් (6) සහ පවන් පතිරාජ (4) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යෑම එහිදී ශ්‍රී ලංකා යොවුන් පිලට විශාල පාඩුවක් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ තෝමස් ඇස්පින්වෝල්, මුලු ලකුණු සංඛ්‍යාව 30 ක් වන විට මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට යවමින් ශ්‍රී ලංකා යොවුන් පිල අසීරු අඩියකට ඇද දැමුවේය. තවත් ලකුණු 18 ක් ඇතුළත ආරම්භක පිතිකරු අසිත වන්නිනායකගේ (22) කඩුල්ලද බිඳවැටීමෙන් ශ්‍රී ලංකා යොවුන් පිල කබලෙන් ලිපට ඇද වැටිණ.
එංගලන්ත යොවුන් පිලේ පළමු ඉනිම - 387 යි
ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම - 407 යි
එංගලන්ත යොවුන් පිලේ දෙවැනි ඉනිම - 292 යි
(බෙන් මැකිනි 56, රොස් වයිට්ෆීල්ඩ් 110, ජෝජ් බෙල් 29, මැතිව් හර්ස්ට් 39, වනුජ සහන් 89/4, දුවිඳු රණතුංග 34/3, රවීන් ද සිල්වා 70/2)
ශ්‍රී ලංකා යොවුන් පිලේ දෙවැනි ඉනිම - කඩුලු 4 කට 93 යි
(අසිත වන්නිනායක 22, රනුද සෝමරත්න නොදැවී 34, රවීන් ද සිල්වා නොදැවී 18, තෝමස් ඇස්පින්වෝල් 14/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.