Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත යොවුන් කණ්ඩායමට අනපේක්ෂිත පිළිතුරක් දුන් ශ්‍රී ලංකා 19 න් පහළ පිතිකරුවෝ, ඩාර්බිෂයර්හිදී පැවැත්වෙන දෙවනි යොවුන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අඟහරුවාදා (30 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 480 ක් ලබාගත්හ.
එංගලන්ත යොවුන් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 381 කි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ, තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදී, සිය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 99 ක් ඉදිරියෙන් සිටිති.
ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් අගනා ශතකයක් ලබාගත් වමත් පිතිකරු ෂෙවොන් ඩැනියෙල් (155) සහ පවන් පතිරාජ (55) එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 300 කඩයිම ආසන්නයටම තල්ලුකරගෙන ආවේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනංවමිනි. පැය හත හමාරකට වැඩි කාලයක් කඩුල්ලේ රැඳුණු ඩැනියෙල්ගේ පන්දු 237 ක ඉනිමේදී ලබාගත් ලකුණු 155 න් ලකුණු 100 ක් හතරේ පහර වලිනි.
පතිරාජ සහ ඩැනියෙල් දෙදෙනාම ලකුණු 5 ක් ඇතුළත දැවී ගියද, ඒ වන විටත් මුල් ඉනිමේ අවාසිය ලකුණු 90 ක් වූ බැවින් නායක රවීන් ද සිල්වා එතැන් සිට කණ්ඩායමේ බර කරට ගත්තේය.
විනුජ රන්පුල් (65) සමගින් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක රවීන් (නොදැවී 65) දිනය අවසානය දක්වාම සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේ විනාඩි 258 ක් පිටියේ රැඳෙමිනි. ඒ අතරවාරයේදී පන්දු 177 කට මුහුණ දුන් ශ්‍රී ලංකා යොවුන් නායකයා, ඒවායින් 8 ක් හතරේ සීමාවෙන් එපිටට යැව්වේ ඉන් එකක් ලණුවට ඉහළින් යවමිනි.
පැය දෙකකට වැඩි කාලයක් පැවැති ද සිල්වා - රන්පුල් සම්බන්ධතාව නිමාවූයේ යූසුෆ් මජීඩ්ගේ පන්දුවකින් මැක්’නිට උඩපන්දුවක් ලැබීමෙනි. ඒ අතරවාරයේදී පන්දු 108 කට මුහුණ දුන් රන්පුල් හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.