Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුපුන් වඩුගේගේ (නොදැවී 56) අපරාජිත ඉනිමත් දිනුර කළුපහන (08/2), විශ්ව ළහිරු (19/3) සහ රුවිශාන් පෙරේරා (03/3) තිදෙනාගේ අගනා පන්දු යැවීමත් හමුවේ දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි නුවරදී අද (24 වැනිදා) පැවැති යොවුන් ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 77 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලියේ සුපිරි 6 දෙනාට අතරට ද සුදුසුකම් ලබාගත්තේය.
අංක 3 පිතිකරු සුපුන් වඩුගේ විනාඩි 135 ක් පුරා තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් නොදැවී ලකුණු 56 ක් ලබාගත්තේය. පසුපෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දීත්, පන්දු 79 කට මුහුණ දෙමින් තම කඩුල්ල ආරක්ෂා කරගත් වඩුගේගේ හතරේ පහර 6 කින් තම ඉනිම අලංකාර කළේය.
කාසියේ වාසිය අහිමි වීමෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල හත්වැනි ඕවරයේදීම බිම වැටිණ. එතැනින් පිටියට පිවිසි වඩුගේ, තම නායකයා වන සිනෙත් ජයවර්ධන (10) සහ රූසඳ ගමගේ (17) සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව 70 දක්වා ඉදිරියට ගෙන ගියේය. එහෙත් 20 වැනි ඕවරයේදී රූසඳ ගමගේ දැවී යාමෙන් පසුව ලකුණු 66 ක් ඇතුළත ඉතිරි කඩුලු හතම ඇද වැටිණ.
එකම පිතිකරුවකුට හෝ ලකුණු 10 ක් ලබාගැනීමට අවසර නොදුන් දිනුර කළුපහන, විශ්ව ළහිරු සහ රුවිශාන් පෙරේරා එක්ව ලකුණු 25 ක් ඇතුළත නැමීබියානු කඩුලු 8 ක් බිම දැමූහ. එහෙත් අවසන් පිතිකරුවන් දෙදෙනාගෙන් අයකු වූ පීටර් ඩැනියෙල් බ්ලිග්නොට් (නොදැවී 18) හතරේ පහර 4 කින් ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නනට සංග්‍රහ කරමින් නැමීබියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 56 දක්වා ඉහළ දැමීය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 133
(සිනෙත් ජයවර්ධන 10, සුපුන් වඩුගේ 56, රූසඳ ගමගේ 17, ශාරුජන් ශන්මුගනාදන් 13, සචියෝ වැන්’වූරන් 23/4, ජොහැන්නස් ඩි’විලියර්ස් 19/3)
නැමීබියානු යොවුන් කණ්ඩායම - ඕවර 27 කදී සියලු දෙනා දැවී 56 යි
(හැන්රෝ බේඩ්න්හෝස් 11, පීටර් ඩැනියෙල් බ්ලිග්නොට් නොදැවී 18, දිනුර කළුපහන 08/2, විශ්ව ළහිරු 19/3, රුවිශාන් පෙරේරා 03/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.