Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර ඕමාන්හි අල් ඇමරත් ක්රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කළ ශ්රී ලංකා ‘ඒ’ ක්රීඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.
ජයග්රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳහෙළමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ ජයග්රාහී මාවත අවහිර කළේය. එහිදී රමේෂ් මෙන්ඩිස්, ඒෂාන් මාලිංග, නිපුන් රංසික සහ නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් දවාගත්හ.
බංග්ලාදේශ ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අබූ හයිඩර් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරුවන් වූ සයිෆ් හසන් පන්දු 20 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද, පර්වේස් හොසේන් පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 161 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක පන්දු 26 කින් වේගවත් ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. සහන් ආරච්චිගේ (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පවන් සමත් විය.
ශ්රී ලංකා ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 161
(යෂෝධ ලංකා 23, ළහිරු උදාර 35, නුවනිඳු ප්රනාන්දු 19, සහන් ආරච්චිගේ 30, පවන් රත්නායක 42, රහමන් රාජා 35/2, රිපෝන් මොන්ඩොල් 36/2)
බංග්ලාදේශ ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 142
(සයිෆ් හසන් 29, පර්වේස් හොසේන් 24, හයිඩර් රොනී 38, දුෂාන් හේමන්ත 23/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.