Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රි ලංකා 'ඒ' කණ්ඩායම සමත් විය. ඒ ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී පාකිස්තාන 'ඒ' කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 16.3 අවසානයේ කඩුලු 3 ක් ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ අහන් වික්‍රමසිංහ පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ළහිරු උදාර (43) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අහන් සමත් වූ අතර පන්දු 20 කදී වාර්තා වූ ළහිරුගේ වේගවත් ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 135 ක් ලබාගත් අතර පාකිස්තාන ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඔමේර් යූසෆ් පන්දු 46 කින් ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ දුෂාන් හේමන්ත සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය. පාකිස්තාන 'ඒ' කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දුෂාන්ට අනගි සහායක් දුන් නිපුන් රංසික සහ ඒෂාන් මාලිංග කඩුලු 2 බැගින් දවාගත්හ.
පාකිස්තාන ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 135
(ඔමේර් යූසෆ් 68, හයිඩර් අලී 14, දුෂාන් හේමන්ත 21/4, නිපුන් රංසික 21/2, ඒෂාන් මාලිංග 28/2)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 16.3 කදී කඩුලු 3 ක් දැවී 137
(ළහිරු උදාර 43, අහන් වික්‍රමසිංහ නොදැවී 52, සහන් ආරච්චිගේ නොදැවී 17)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.