Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද සවස පැවැති තරගයේදී එමිරේට්ස් පිල ලබාගත් ජයග්‍රහණය හේතුවෙන් නැමීබියාවේ ශුද්ධ ලකුණු වේගය 0.730 ක් විය. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමයි.
ඒ අනුව ප්‍රසාද ලකුණු පුවරුවේදී ‘ඒ’ කාණ්ඩයෙන් පළමු ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාව, 12 දෙනාගේ වටයේදී I වැනි කාණ්ඩයටත්, ඒ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් නෙදර්ලන්තය, 12 දෙනාගේ වටයේදී II වැනි කාණ්ඩයටත් ඇතුළත් වෙයි.
සුදුසුකම් තේරීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරග දෙකක් හෙට (21 වැනිදා) පැවැත්වීම නියමිතය. එම තරග දෙකේ ප්‍රතිඵල අනුව ‘බී’ කාණ්ඩයේ ශූරයන් සහ අනුශූරයන් තීරණය වනු ඇත.
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ කණ්ඩායම් බෙදී ඇති ආකාරය
I වැනි කාණ්ඩය
■ ඇෆ්ඝනිස්ථානය
■ ඕස්ටේ්රලියාව
■ එංගලන්තය
■ නවසීලන්තය
■ ශ්‍රී ලංකාව
■ ‘බී’ කාණ්ඩයේ අනුශූරයෝ
II වැනි කාණ්ඩය
■ බංග්ලාදේශය
■ ඉන්දියාව
■ පාකිස්තානය
■ දකුණු අප්‍රිකාව
■ නෙදර්ලන්තය
■ ‘බී’ කාණ්ඩයේ ශූරයෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.