Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව අද (27 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වන තරග 2 ම ජයගැනීම වැදගත් වනු ඇත. මූලික වටයේදී කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජයගත හොත් ශුද්ධ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම ඊට හේතුවයි.
ශ්‍රී ලංකාවට සහ ඇෆ්ඝනිස්ථානයට අමතරව බංග්ලාදේශයද ‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 1 වැනිදාය. මෙම තරග දෙකම ජයගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට පහසුවෙන්ම සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව උදාවනු ඇත.
එහෙත් එක් තරගයක් හෝ පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවට තරමක අවදානමකට මුහුණදීමට සිදුවන අතර සෙසු තරගය ජයගන්නා ශුද්ධ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වනු ඇත. අවසන් වරට පැවැති තරගාවලියේදී (2018) ශ්‍රී ලංකාවට, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.
ඕමානයේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගත් හොං කොං කණ්ඩායමද මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. ඒ අනුව ඔවුන් ඉන්දියාව සහ පාකිස්තානය සමග ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. හොං කොං කණ්ඩායම මූලික වටයේදී පෙරළිකාර ජයක් නොලබන්නට ඉන්දියාව සහ පාකිස්තානය බොහෝ දුරට ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.
සුපිරි 4 දෙනාගේ වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එහිදී ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට පිවිසෙනු ඇත. ඒ අනුව එම වටයේදී සෑම කණ්ඩායමකටම තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද, මේ වන විට රටතුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යෑමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කළේය. කෙසේ වුවත් ශ්‍රි ලංකාව තවදුරටත් තරගාවලියේ සත්කාරකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන් එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවනු ඇත.
මෙවර තරගාවලියට තරග 13 ක් ඇතුළත්ව ඇති අතර ඉන් තරග 10 ක් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, තරග 3 ක් සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ සියලු තරග රාත්‍රී තරග ලෙස විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට තරග ආරම්භ වීමට නියමිතය.
වසර 1984 දී ආරම්භ වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දක්වා 14 වරක් පැවැත්වී ඇති තිබේ. ඉන් තරගාවලි 7 කම (1984, 1988, 1990, 1995, 2010, 2016 සහ 2018) ශූරයන් බවට පත්ව ඇත්තේ ඉන්දියාවය. ශ්‍රී ලංකාව අවස්ථා 5 කදී (1986, 1997, 2004, 2008 සහ 2014) ද, පාකිස්ථානය අවස්ථා 2 කදී (2000 සහ 2012) ද ආසියානු කුසලානට හිමිකම් කියා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.