Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගල්ලේ සිට...)
ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තය ලකුණු 63 කින් පරාජය කිරීමත් සමගින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු පුවරුවේදී තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්රී ලංකා පිලට හැකිවිය. ගාල්ල ටෙස්ට් තරගය ආරම්භ කිරීමට පෙර එහි තුන්වැනි ස්ථානයේ සිටි නවසීලන්ත කණ්ඩායම මේ වන විට 5 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ.
පසුගිය 18 වැනිදා තරගය ආරම්භ වීමට පෙර 42.86% ක් වූ ශ්රී ලංකා පිලේ ජයග්රහණ ප්රතිශතය ගාල්ලේදී ලබාගත් ජයග්රහණය සමගින් 50.00% ක් දක්වා ඉහළ ගියේය.
නවසීලන්තය සතුවූ 50.00 % ක් වූ ජයග්රහණ ප්රතිශතය 42.85% දක්වා පහත වැටී ඇත.
ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 8 න් තරග 4 ක් ජයගෙන ඇත. තවත් තරග 4 ක් පරාජය වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.