Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන බාළිකා තුන්කොන් තරගාවලියේදී අද (26 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නවසීලන්ත 19 න් පහළ කණ්ඩායම ලකුණු 7කින් පරාජය කරමින් තියුණු ජයක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාළිකාවෝ කඩුලු 9 ක් දැවී ලකුණු 110 ක් ලබාගත්හ. නවසීලන්ත බාළිකාවන්ට නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 කට ලබාගත හැකිවූයේ ලකුණු 103 කි.
පන්දු 35 කින් ලකුණු 41 ක් ලබාගත් නායිකා මනුදි නානායක්කාරගේ ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
ලකුණු 39 කට ඉදිරිපෙළ කඩුලු 4 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් කඩුලු 5 ම ලකුණු 12 ක් ඇතුළත අහිමි කරගත්හ. එවන් තත්ත්වයකදී මනුදි සහ දැහැමි සෙනෙත්මා (18) අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 59 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා බාළිකාවන් ලබාගත් මෙම ජයග්‍රහණයේ පදනම විය.
ශ්‍රී ලංකා බාළිකාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ට 110 යි
(විමෝක්ෂා බාලසූරිය 24, මනුදි නානායක්කාර 41, දැහැමි සෙනෙත්මා 18, අනීකා ටොඩ් 22/3, කේට් අර්වින් 13/3)
නවසීලන්ත බාළිකාවෝ - ඕවර 20 කදී කඩුලු 6 ට 103 යි
(ඊවා වෝලන්ඩ් 23, ඉසබෙල් ෂාප් 22, ඩාර්සි රෝස් 18, චමෝදි ප්‍රබෝධා 12/2, ප්‍රමුදි මෙත්සරා 15/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.