Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
මුල් ඉනිමේ වාසිය ලකුණු 157 ක් වූවත්, එය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත් ඕස්ට්‍රේලියානුවෝ ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (08 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසරණ අඩියකට ඇද දැමූහ. අද දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිමේදීත් කඩුලු 8 ක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටියේ ලකුණු 211 කි.
මුල් ඉනිමේ අවාසිය ඉවත් කළ කල්හි, කඩුලු 2 ක් පමණක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ ලකුණු 54 කිනි. දිනය අවසන් වන විට කුසල් මෙන්ඩිස් (නොදැවී 48) කඩුල්ලේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිතිහරඹයට ඉතිරිව සිටින්නේ නිශාන් පීරිස් සහ ළහිරු කුමාර දෙදෙනා පමණි.
දෙවැනි ඉනිමේදී සටන්කාමී පිතිහරඹයකකට අවතීර්ණ වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, පැය 3 ක් පුරා පිටියේ රැඳෙමින් ලකුණු 76 ක් ලබාගත්තද ඔහුගේ ‘ස්ලොග් ස්වීප්’ පහරකින් පිත්තේ දාරයේ වැදුණු පන්දුව ‘ඩීප් ස්ක්වෙයාර් ලෙග්’ හි සිටි බියු බෙව්ස්ටර්ට උඩපන්දුවක් ලෙසින් පාවී ගියේය. මැතිව්ස් දැවී යාමට පෙර කඩුලු 5 ට 198 ක් ලෙසින් දිස්වූ ලකුණු පුවරුව, විනාඩි 20 ක් ඇතුළත කඩුලු 8 ට 211 ක් ලෙසින් වෙනස් විය.
මැතිව්ස් දැවී ගිය නමුත් සටන ඉදිරියටම ගෙන ගිය කුසල් මෙන්ඩිස් දිනයේ අවසන් ඕවර කිහිපය දක්වාම තරගය ඇදගෙන ගියේය. එහෙත් 62 වැනි ඕවරයේ අවසන් පන්දුවට එක ලකුණක් ලබාගත් ප්‍රභාත් ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් දැවී යාම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු කඩකරවන්නක් විය.
වෝන් - මුරලිදරන් කුසලාන තරගාවලියේ පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
අද උදෑසන ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙරම දෙවැනි නව පන්දුව ලබාගත් ශ්‍රී ලංකා නායකයා, ලකුණු 64 ක් ඇතුළත කඩුලු 7 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු මුල් ඉනිම ලකුණු 414 කට සීමා කළේය. ප්‍රභාත් ජයසූරිය 11 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගනිමින් තුන්වැනි දින පෙරවරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂා ඉටුකර දුන්නේය.
දිවා ආහාරයට විනාඩි හතක් තිබියදී ඕස්ට්‍රේලියානු පිලේ අවසන් කඩුල්ල දැවී ගිය බැවින් දෙපිලම දිවා ආහාරයට ගියහ.
ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියහ. ඒ වනවිටත් ඕවර 80 ක් නිමාවී තිබූ බැවින් අද පෙරවරුවේදී තරගය ආරම්භ කිරීමට පෙරම ශ්‍රී ලංකා නායකයා දෙවැනි නව පන්දුව ඉල්ලා සිටියේය.
අද පෙරවරුවේදී ප්‍රභාත් ජයසූරිය පන්දු යැවීම ආරම්භ කළ අතර දිගු වේලාවක් තිස්සේ පරණ පන්දුවට මුහුණ දෙමින් සිටි ස්මිත් නව පන්දුවේ වෙනස් වීමත් සමග සිය කඩුල්ල අහිමි කරගත්තේය. පිට ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව ස්මිත්ගේ පිත්තේ යාන්තමින් ගෑවී කඩුලු රකින්නා අත පත්වන විට ස්මිත්ගේ පැය තුනක ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.
ස්මිත් සහ ඇලෙක්ස් කේරි අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 259 ක් විය. ඒ වෙනුවෙන් දෙදෙනා වැය කළේ විනාඩි 252 කි. ඕස්ට්‍රේලියානුවන්ගේ ලකුණු ලබාගැනීමේ රටාව එයින්ම වටහාගත හැකිය. ඕවරයකදී ලකුණු 3.90 ක වේගයක් රඳවා ගනිමින් ලකුණු ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දවාගැනීමට කාලය ඉතිරි කරගත්තේය.
සිය මංගල ටෙස්ට් තරගයේදීම (පසුගිය සතියේ ගාල්ලේදී) ශතකයක් ලබාගත් නමුත් ජොෂ් ඉංග්ලිෂ් මුහුණ දුන්නේ පන්දු දෙකකට පමණි. මේ අතරවාරයේදී තම ලකුණු 150 සම්පූර්ණ කළ ඇලෙක්ස් කේරිද ලකුණු කරා යන්නට වූ නමුත් නව පන්දුවේ වාසිය ප්‍රභාත් ජයසූරිය සමග අත්වැල් අල්ලාගෙන සිටියේය. අද පෙරවරුවේදී ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම සටහන් වූයේ 13-3-44-4 ක් ලෙසිනි.
ඇලෙක්ස් කේරිගේ ලකුණු 156, ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නකු ආසියාවේදී ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් ඉනිම ද වෙයි. 2004 ශ්‍රී ලංකා සංචාරයේදී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ලකුණු 144 ක් ලබාගත් ඇඩම් ගිල්ක්‍රිස්ට් එහි පැරණි වාර්තාවේ හිමිකාරයාය.
කේරි දැවී යාමෙන් පසුව, පිතිකරුවන් ලෙසින් විශ්වාසය තැබිය හැකි බියු වෙබ්ස්ටර්, කූපර් කොනලි සහ මිචෙල් ස්ටාක් තිදෙනාම පිටියේ ඉතිරි වූ නමුත් ඔවුන් තිදෙනාගෙන්ම පැමිණියේ ලකුණු 43 කි. ඒ වන විට ජයසූරිය ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි අතර බියු වෙබ්ස්ටර් ලකුණු 20 ක් ලබා සිටියදී දෙවතාවක්ම ජයසූරියගෙන් ගැලවුණේ විතීවි සහාය ඉල්ලා සිටීමෙන් පසුවය.
ප්‍රභාත් ජයසූරියට කදිම සහයෝගක් දුන් නිශාන් පීරිස් (94/3) සහ රමේෂ් මෙන්ඩිස් (81/2) දෙදෙනා ඉතිරි කඩුලු 5 දවාගත්හ.
ඇලෙක්ස් කේරි...
නිශාන් පීරිස්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.