Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව පහළට

ශ්‍රී ලංකාව පහළට

editorial - 2022 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා පහත වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඉන්දියාව හමුවේ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පහත වැටීම සිදුවිය.

තරගාවලිය ආරම්භයට පෙර 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමත් සමගින් තෙවැනි ස්ථානය දක්වාද, දෙවැනි ටෙස්ට් තරගයේ පරාජයත් සමගින් 5 වැනි ස්ථානය දක්වා ද පහත වැටුණි.

මේ වනවිට තරගාවලි දෙකකදී තරග 4 කට සහභාගිවී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2 ක් ජය ගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව තරගාවලිය ජය ගැනීමත් සමගින් 58.33 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබාගනිමින් සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහත වැටෙන විට ඕස්ට්‍රේලියාව (77.77), පාකිස්තානය (66.66) සහ දකුණු අප්‍රිකාව (60.00) පිළිවෙලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්විය.

- 2079


අදහස් (0)

ශ්‍රී ලංකාව පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.