Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම ලකුණු 211 කට සීමාකළ ප්‍රභාත් ජයසූරිය (68/5) ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 63 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය. තරගයේ අවසන් දිනය වූ අද පෙරුුවරුවේදී නවසීලන්ත පිලේ අවසන් කඩුලු දෙකම දවාගැනීම සඳහා ජයසූරියට අවශ්‍ය වූයේ පන්දු 10 ක් පමණි.
අද දිනයේ ලබාගත් මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විතත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. ඒ සමගම ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වැනි ස්ථානය දක්වා ද ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ නැංඟේය.
8 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය පහසුවෙන්ම තරගයේ වීරයා විය. මෙම තරගයේ ඉනිම දෙකේදීම ලකුණු 204 කට කඩුලු 9 ක් දවාගත් ජයසූරිය මේ දක්වා ටෙස්ට් තරග 15 කදී දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 88 කි. ඔහු ඉනිමකදී කඩුලු 5 ක් බැගින් දවාගත් අවස්ථා 8 න් 7 ක්ම ගාල්ලේදී පැවැති තරග වලදීය.
සිව්වැනි දිනය වූ ඊයේ (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියේය.
තරගයෙන් ජයගැනීම සඳහා නවසීලන්තයට තවත් ලකුණු 68 ක් අවශ්‍ය විය. නොදැවී සිටි පිතිකරු රචින් රවීන්ද්‍රගේ අරමුණ වූයේ අනෙක් අන්තයේ සිටි අජාස් පතෙල්ව එක අන්තයක හංගාගෙන තනියම ඉතිරි ලකුණු 68 ලබාගැනීමයි. එහෙත් අද උදෑසන ප්‍රභාත් යැවූ පළමුවැනි ඕවරයේදීම රචින් රවීන්ද්‍ර දැවීයාම නවසීලන්තයේ බලාපොරොත්තු සුන්නත්දූලි කරන්නක් විය.
ප්‍රභාත්ගේ පන්දුව පතිත වූ තැනටම තම ඉදිරි පාදය ගෙන නොයාම හේතුවෙන් රචින්ගේ පිත්ත පසුකර ගිය පන්දුව ඔහුගේ පසු පාදයේ වැදිණ. මඳක් වේලා කල්පනා කළ විනිසුරු අසන් රාසා, ප්‍රභාත්ගේ දැඩි ඉල්ලීම හමුවේ තරමක් පමා වී තීන්දුව දුන් නමුත් රචින් එය තුන්වැනි විනිසුරුවරයාාට යොමු කළේ ගිලෙන්නට යන්නා පිදුරු ගහේත් එල්ලීමේ න්‍යායක් තිබෙන බැවිනි. එහෙත් එයින් පලක් නොවිණ.
එතැන් සිට තරගය පැවැතියේ විනාඩි 7 ක් පමණි. ජයසූරියගේ තවත් පන්දුවක් අවසන් පිතිකරරු විලියම් ඕ’රූක්ට සිතාගැනීමටවත් කාලයක් නොතබා පිට ඉන්න මත තිබූ බෙබ්ලය බිම දැම්මේය.
ලකුණු 92 කට දැවී ගියත් රචින් රවීන්ද්‍ර කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ටෙස්ට්’ පිතිහරඹයකි. පැය තුන හමාරක් තිස්සේ පන්දු 168 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 9 කින් සහ අලංකාර හයේ පහරකින් සිය ඉනිම සැරසීය. වඩාත් කැපී පෙනුණේ තියුණු අන්දමින් දඟ කැවෙන තණතීරුවක, දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව 30 ක් ව තිබියදී, රචින් රවීන්ද්‍ර ලබාගත් ලකුණු 92 යි.
1999 නොවැම්බර් 18 වැනිදා රචින් රවීන්ද්‍ර උපන් අවස්ථාවේදී ඔහුගේ මව්පියන් වන දීපා සහ රවී ක්‍රිෂ්ණමූර්ති යුවළ නමක් ගැන සිතූහ. දීපා මහත්මිය යෝජනා කළ ‘රචින්’ යන්නෙහි තේරුම ආකාශය මෙන් ධනාත්මක සිතිවිලි යන්නයි. මව්පියෝ විවාදයකින් තොරවම ඊට එකඟ වූහ. එහෙත් එය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයන් වූ රාහුල් ද්‍රාවිඩ්ගේ සහ සචින් තෙන්ඩුල්කාර් දෙදෙනාගේම නම්වල එකතුවක් බව දීපා සහ රවී ක්‍රිෂ්ණමූර්ති යුවළ වටහාගත්තේ වසර කිහිපයකට පසුවය.
රාහුල් ද්‍රාවිඩ් සහ සචින් තෙන්ඩුල්කාර් දෙදෙනාම ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇතත් රචින් රවීන්ද්‍ර අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යනු නිසැකය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.