Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය අද (27 වැනිදා) සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන පිතිකරුවෝ ඕවර 10.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීම සඳහා තරමක අවදානමකට මුහුණ පා සිටියි. ශ්‍රී ලංකාව එම අවදානමෙන් මිදීමට නම් බංග්ලාදේශය මූලික වටයේදී සහභාගි වන තරග දෙකම පරාජයට පත්විය යුතුය. එසේ නැතහොත් ශ්‍රී ලංකාව සැප්තැම්බර් මස 1 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය ඉහළ ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගනිමින් ජයගත යුතුය.
වේගවත් ආරම්භයක් ලබාගත් ඇෆ්ඝනිස්ථාන පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ රහ්මතුල්ලා ගුර්බාස් පන්දු 18 කින් ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ගුර්බාස් දැවී ගියද, පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කළ හස්රතුල්ලා සසායි, ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
මහීෂ් තීක්ෂණ යැවූ ඕවරයකදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 රැස්කළ ගුර්බාස් සහ හස්රතුල්ලා, ඉන් නොනැවතී චාමික කරුණාරත්න යැවූ ඕවරයකදීද ලකුණු 20 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. සිය මංගල විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මතීෂ පතිරණගේ පන්දු යැවීමද එක් ඕවරයකට සීමා කළ ඇෆ්ඝනිස්ථාන ආරම්භක පිතිකරුවෝ, එහිදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්කළහ.
කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබීගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇෆ්ඝනිස්ථාන පන්දු යවනන්න්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.4 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. ඉනිම පුරා සිය ආධිපත්‍ය පැතිරවූ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිස එසවීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ.
එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණදුන් පන්දු 118 න් 69 ක්ම නිලකුණු පන්දු ලෙස සටහන්ව තිබූ අතර පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට ඔවුන්ට හැකි වූයේද අවස්ථා 13 කදී පමණි. ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ ආරම්භය කොතෙක් දුරට සාර්ථකද කිවහොත් පළමු වරට පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුව දක්වාම බලා සිටීමට සිදුවූහ.
ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා පොළොවේ ගැසූ ෆසාල්හක් ෆකූරි, පළමු ඕවරයේ අවසන් පන්දු දෙකේදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් (2) සහ උප නායක චරිත් අසලංක (0) පිටියෙන් ඉවත් කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට සෙසු ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංකද (3) නවීන් උල්හක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයකට ඇද දමමිනි.
පිතිහරඹ ලැයිස්තුවේ ස්ථාන 2 ක් පසුබසිමින් මෙම තරගයේදී සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලකට එම ස්ථානයේද සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට නොහැකි විය. ලකුණු 14 ක් ලබා සිටියදී අස්මතුල්ලා ඔමර්සායි යැවූ පන්දුවක් හමුවේ ධනුෂ්ක ලබාදුන් උඩ පන්දුවක් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි කරීම් ජානට් අතින් ගිළිහී ගියද, එම අවස්ථාවෙන් නිසි ඵල නෙළා ගැනීමට ඔහු අපොහොසත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ භානුුක රාජපක්ෂ පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය. ධනුෂ්ක සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ භානුක, කඩුලු අතර දිව යෑමේදී අනවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා දුවද්දී දැවී යෑමකට ලක්වෙමින් පිටියෙන් ඉවත්ව යෑම තරගයේ තීර්ණාත්මක සිදුවීමක් බවට පත්විය.
ලකුණු 64 කට කඩුලු 6 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට මුහුණපා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ වගකීම ඉටුකළ යුතුව තිබූ අවස්ථාවක සිය වගකීම පැහැර හැරිය දසුන් ශානක, මුහුණදුන් පළමු පන්දුවේදීම කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු නොළබා දැවී ගියේය. දසුන්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි මහීෂ් තීක්ෂණටද ආ පයින්ම ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූයේ කඩුලු අතර දිවීමේදී දැක්වූ අලස බව හේතුවෙනි.
මුලු ලකුණු සංඛ්‍යාව 75 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ලද බිඳ වැටිණ. එහෙත් 11 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දිල්ෂාන් මධුෂංක ආරක්ෂා කරගනිමින් කණ්ඩායමේ බර තම කර මතට පටවාගත් චාමික කරුණාරත්න, අවසන් ඕවර 5 තුළ හුදෙකලා පිතිහරඹයක නිරත විය. එහිදී පන්දු 38 කට මුහුණදුන් චාමික, හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත්හ. කෙසේ වුවත් ආරක්ෂා කරගැනීමට තරම් ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා නොගැනීම හේතුවෙන් මෙම තරගයේදී ඔවුන් දෙදෙනාගේම පන්දු යැවීම එක් ඕවරයකට බැගින් සීමා විය.
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ගුර්බාස් ප.නවීන් 3
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා ප.ෆරූකි 2
චරිත් අසලංක - ක.මු. කළා ප.ෆරූකි 0
ධනුෂ්ක ගුණතිලක - ඇ.ජානට් ප.මුජිබුර් 17
භානුක රාජපක්ෂ - දුවද්දී දැවී ගියා 38
වනිඳු හසරංග - ඇ.නබී ප.මුජිබුර් 2
දසුන් ශානක - ඇ.ගුර්බාස් ප.නබී 0
චාමික කරුණාරත්න - ප.ෆරූකි 31
මහීෂ් තීක්ෂණ - දුවද්දී දැවී ගියා 0
මතීෂ පතිරණ - ඇ.නජිබුල්ලා ප.නබී 5
දිල්ෂාන් මධුෂංක - නොදැවී 1
අතිරේක 6
එකතුව ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 105
කඩුලු වැටීම :
1-03(කුසල්), 2-03(චරිත්), 3-05(පැතුම්), 4-49(ධනුෂ්ක), 5-60(වනිඳු), 6-64(දසුන්), 7-69(භානුක), 8-69(මහීෂ්), 9-75(මතීෂ), 10-105(චාමික)
පන්දු යැවීම :
ෆසාල්හක් ෆරූකි 3.4-1-11-3, නවීන් උල්හක් 3-0-23-1, මුජිබුර් රහමන් 4-0-24-2, අස්මතුල්ලා ඔමර්සායි 1-0-20-0, මොහොමඩ් නබී 4-0-14-2, රෂීඩ් ඛාන් 4-0-12-0
ඇෆ්ඝනිස්ථානය
හස්රතුල්ලා සසායි - නොදැවී 37
රාහ්මතුල්ලා ගුර්බාස් - ප.හසරංග 40
ඊබ්‍රහීම් සද්රාන් - දුවද්දී දැවී ගියා 15
නජිබුල්ලා සද්රාන් - නොදැවී 2
අතිරේක 12
එකතුව ඕවර 10.1 කදී කඩුලු 2 කට 106
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
කරීම් ජනාට්, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන්, හස්මතුල්ලා ඔමර්සායි, නවීන් උල්හක්, මුජිබුර් රහමන් සහ ෆසාල්හක් ෆරූකි
කඩුලු වැටීම :
1-83(රහ්මතුල්ලා), 2-103(ඊබ්‍රහීම්)
පන්දු යවන්නෝ :
දිල්ෂාන් මධුෂංක 1-0-10-0, මහීෂ් තීක්ෂණ 4-035-0, මතීෂ පතිරණ 1-0-16-0, වනිඳු හසරංග 3-0-19-1, චාමික කරුණාරත්න 1-0-20-0, චරිත් අසලංක 0.1-0-1-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.