Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර 67 වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග 66 දී ශ්‍රී සුමංගල විදුහල තරග 8 ක් ද මොරටුව මහා විදුහල තරග 7 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන්වී ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, ශ්‍රී සුමංගල විදුහලේ 2001 වසරේ පළමු පෙළ නායකයා වේ. ජාතික කණ්ඩායම නියෝජනය කළ දොන් අරුණසිරි සහ ඉන්දික ගාල්ලගේ ද ශ්‍රී සුමංගල විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. ටෙස්ට් ක්‍රීඩකයන් වන කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඕෂධ ප්‍රනාන්දු, ශ්‍රී සුමංගල විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අතපොත් තැබූවෝ වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රබල පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස්, මොරටු මහ විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ නායකයා ලෙස ජනිඳු ඉඳුවර ද, මොරටු මහ විදුහලේ පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ප්‍රබල පිතිකරු නිශාන් මධුෂ්ක ද, කටයුතු කරති.
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ෂෂ වැනි කොටසේ ක්‍රීඩා කරන ශ්‍රී සුමංගල විදුහල් පිල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගි වී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද, හොරණ තක්ෂිලා, හලාවත ශාන්ත මරියා, හේනේගම මධ්‍ය විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක සහ කළුතර මහා විද්‍යාලය යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ හයක් ලබා ඇති අතර මීගමුව ශාන්ත පීතර, මාතර රාහුල සහ කළුතර සිරිකුරුස යන විදුහල් හමුවේ පරාජයට පත්ව තිබේ.
මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ ප්රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස නායක ජනිඳු ඉඳුවර හැදින්විය හැකිය. දකුණත් පිතිකරු ජනිඳු මෙම තරග වාරයේ තරග 12 කදී ලකුණු 818 ක් රැස්කර ඇති අතර දකුණතින් වේග පන්දු යවන්නකු ලෙස කඩුලු 34 ක් දවාගෙන තිබේ.
මිහිරංග ප්‍රනාන්දු (ලකුණු 464), තරණ ද සිල්වා (ලකුණු 458), ශානදිත් ප්‍රනාන්දු (ලකුණු 432) සහ ඉමෙත් ගම්පොළ (ලකුණු 384) මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති. වමතින් දඟ පන්දු යවන අනුක ජයසිංහ මෙම තරග වාරයේ තරග 12 කදී කඩුලු 75 ක් දවා ගනිමින් මොරටු මහ විදුහල් පිතිකරුවන් පාලනයට සූදාමින් සිටියි.
විශ්ව ළහිරු (කඩුලු 34) සහ මිහිරංග ප්‍රනාන්දු (කඩුලු 20) ශ්‍රී සුමංගල විදුහල් පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරති.
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ක්‍රීඩා කරන මොරටු මහ විදුහල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී කොළඹ ලුම්බිණි, මීගමුව මාරිස්ටෙලා, කෑගල්ල ශාන්ත මරියා සහ කැලණිය ගුරුකුල යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජය ලබමින් තරග 11 ක් විසඳුමකින් තොරව අවසන් කරමින් අපරාජිතව සිටියි.
මෙවර මොරටු මහ විදුහලේ ප්රබලතම ක්‍රීඩකයා වන දකුණත් පිතිකරු නිශාන් මධුෂ්ක මෙම තරග වාරයේ තරග 13 කදී ශතක හයක් සමගින් ලකුණු 1386 ක් රැස්කිරීම කැපී පෙනේ. නිශාන් කණ්ඩායමේ කඩුලු රකින්නා ද වේ.
මධුෂාන් දිලක්ෂණ (ලකුණු 368) සහ නදිත් නිෂේන්ද්‍ර (ලකුණු 326) මොරටු මහ විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති. වමතින් දඟ පන්දු යවන එරාන් හංසමාල් මෙම තරග වාරයේ තරග 15 කදී කඩුලු 71 ක් දවාගනිමින් මොරටු මහ විදුහල් පන්දු යැවීමේ බලෑනියේ ප්‍රබලයා බවට පත්ව සිටියි.
විශ්ව දිදුලන (කඩුලු 39) සහ නදිත් නිෂේන්ද්‍ර (කඩුලු 35) මෙම තරග වාරයේ දස්කම් අතර සිටින පන්දු යවන්නන් වීම ශ්‍රී සුමංගල විදුහල් පිතිකරුවන්ට අභියෝගයක් වීමට ඉඩ තිබේ.
දෙවිදුහල් අතර 27 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම: |
මොරටු මහ විදුහල් කණ්ඩායම: |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.