Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11 වැනිදා) මින්නේරිය කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී පාසල් කණ්ඩායම් 84 ක් පළමු වටයේදී කාණ්ඩ 14ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණහ. එහිදී දැක්වූ දස්කම් අනුව ඉන් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය පළමු වටයේ දී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. පසුව කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය.
වාරියපොළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ තෙවැනි වටයේදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ‘බී’ පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය ‘බී’ කණ්ඩායම අතර වූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. තරගාවලි කොන්දේසි අනුව ඉහළ ප්‍රසාද ලකුණු සාමාන්‍යයක් හිමිකරගත් වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සමුදිත ඒකනායකගේ නායකත්වයෙන් තරග වදී.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු වටයේ දී තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය එහිදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
අර්ධ අවසන් පූර්ව වටයේදී කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලය පැරදවූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ පසුගිය වර ශූර කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල අතර අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. තරගාවලි කොන්දේසි අනුව ඉහළ ප්‍රසාද ලකුණු සාමාන්‍යයක් හිමිකරගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විද්‍යාල පිල තිනුක ජයසුන්දර විසින් මෙහෙයවනු ලබයි.
අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විද්‍යාලය 2025 තරගවාරයේ සිට අවුරුදු 15න් පහළ පළමු කොටස තරගාවලියේදී තරග වදිනු ඇත.
වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයීය සංචිතය:
සමුදිත ඒකනායක (නායක), ජනිත ඒකනායක, මතීෂ ලංසකාර, අමිෂ්ක ඉලංකෝන්, වෙහාන් සුදර්ශන, ඉන්දිර රත්නායක, සදීෂ සත්සර, ඉනුක දිසානායක, අරෝෂ බණ්ඩාර, ළිහිඳු පෙරේරා, කිදුරංග හේරත්, මියුරු ඒකනායක, සනිරු බන්නහැක, උදාන රාජපක්ෂ, ඉසිඳු බණ්ඩාර, මධුර පලුගස්වැව, සෙනුවර දිසානායක, බිඟුන් හේරත්, අශේන් රත්නායක සහ දිදුල බණ්ඩාර,
ටී.එම්.පී.එස්. තෙන්නකෝන් (කණ්ඩායම් භාර ආචාර්ය), සසංක ගස්පේ (ප්‍රධාන පුහුණුකරු), එච්.එම්.එම්.එස්. කරුණාරත්න (සහාය පුහුණුකරු)
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් සංචිතය:
තිනුක ජයසුන්දර (නායක), තසිත් තනුවර, ශනුක් ජයවර්ධන, ඔවින් රදීෂ, කවීෂ මධුෂාන්, ඩිෂාන් පින්තෝ, තරුල් රණසිංහ, ශෂිදු සිල්වා, චෙනුල් කුලසේන, සෙනුක් ගුණසේකර, අනුසර වික්‍රමසේකර, මොවිඳු සෙනුල්, සෙනුද සිබේරා, අචිල ප්‍රේමරත්න, යෙනුල් බෝවිඳු, එසඳු මානසිංහ, තේනුක් තෙව්සර, සහ සඳළු ඩයස්
තීක්ෂණ අබේරත්න (කණ්ඩායම් භාර ආචාර්ය), විරාජ් වීරසේකර (පුහුණුකරු) සහ තරුෂාන් ජයමාන්න (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.