Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී සුමංගලය ලකුණු 117 ක් ඉදිරියෙන්

ශ්‍රී සුමංගලය ලකුණු 117 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වූ 67 වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට මොරටු මහ විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 75 ක් පමණක් රැස්කර අසීරු තත්ත්වයක පසුවිය. මොරටු මහ විදුහල පානදුර ශ්‍රී සුමංගලයට වඩා ලකුණු 117 ක් පසු පසින් සිටින අතර ඔවුන් අත ඇත්තේ කඩුලු 4 ක් පමණි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ මොරටු මහ විදුහල් පිලේ නායක නිෂාන් මධුෂ්ක ලකුණු හතකට දැවී යෑම එම විදුහලට දැඩි පාඩුවක් බවට පත්විය.  පළමු දිනයේ ශ්‍රී සුමංගල විදුහල් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් අනුක් ජයසිංහ කඩුලු තුනක් දවාගත්තේය.

ශ්‍රී සුමංගල විදුහල පළමුව පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 192 ක් රැස්කළේය.

තරණ ද සිල්වා (71) සහ නායක ජනිඳු ඉඳුවර (51) පස්වැනි කඩුල්ලට ලකුණු 72 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී සුමංගල විදුහල සතුටුදායක තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

මොරටු මහ විදුහල් පිලේ නායක නිශාන් මධුෂ්ක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී සුමංගල විදුහලට ආරාධනා කළේය.

හෙට (23) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම ඕවර 67.4 කදී සියලු දෙනා දැවී 192
(තරණ ද සිල්වා 71, ජනිඳු ඉඳුවර 51, ශානදිත් ප්‍රනාන්දු 20, චමල්ක ප්‍රනාන්දු 10/2, නිරාජ් කවිෂ්ක 11/2)

මොරටු මහ විදුහල පළමු ඉනිම ඕවර 28 කදී කඩුලු 6 ට 75
(චමල්ක ප්‍රනාන්දු නොදැවී 23, මධුෂාන් දිලංක්‍ෂණ 17, අනුක් ජයසිංහ 23/3)


අදහස් (0)

ශ්‍රී සුමංගලය ලකුණු 117 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.