Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ කුසලානය ත්‍රිත්වයන්ට
43 වැනි සීමිත ඕවර තරගය

ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ කුසලානය ත්‍රිත්වයන්ට

editorial - 2025 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

43 වැනි වරටත් පැවැති කන්ද උඩරට සීමිත ඕවර නිල් මහා සටනේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ඩක්වර්ත් - ලුවිස් ක්‍රමයට පරාජය කරමින් ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ අනුස්මරණ කුසලානය” නැවතත් දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පසුගියදා සමත්විය.

ත්‍රිත්ව විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය,  ක්‍රීඩාංගණයේ පැවැති තෙතබරිත ස්වභාවය හේතුවෙන් එක් කණ්ඩායමකට ඕවර 32 ක් දක්වා සීමා කෙරිණ. 

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ත්‍රිත්ව විද්‍යාලය නියමිත ඕවර 32 තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 152ක් රැස් කළේය. ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීමට පුලිෂ තිලකරත්න (41), චනිරු සේනාරත්න (නොදැවී 30) සහ ඇඩම් හිල්මි (24) දායකවූහ. දිනුර ගනේගොඩ ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම දියත්කළ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉනිම අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නතර කරනවිට ඕවර 26කදී කඩුලු 6 ක් පමණක් දැවී ඔවුන්ට රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි. එහෙත් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ලකුණු 120ක ඉලක්කයක් ලැබී තිබීම හේතුවෙන් ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 8ක ජයක් හිමිවිය. 

ශාන්ත අන්තෝනි ඉනිම ගොඩනැංවීමට  ජනුක රත්නායක (48) සහ නායක චාරුක ඒකනායක (30) දායක වූහ. ත්‍රිත්ව පිලේ නායක මලිත් රත්නායක ලකුණු 17කට කඩුලු 2ක් බිඳ හෙළීය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පුලිෂ තිලකරත්න තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර,  කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ජනුක රත්නායක තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබීය.  දිනුර ගනේගොඩ (කටුගස්තොට ශාන්ත අන්තෝනි) තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, රජිඳු තිලකරත්න (ත්‍රිත්ව) තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන ලැබූහ.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය - ඕවර 32 කදී කඩුලු 9 ක් දැවී 152 යි
(පුලිෂ තිලකරත්න 41, චනිරු සේනාරත්න නොදැවී 30, ඇඩම් හිල්මි 24, දිනුර ගනේගොඩ 31/3, කෙවින් ප්‍රනාන්දු 20/2)  

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය - ඕවර 26 කදී කඩුලු 6 ක් දැවී 112 යි
(ජනුක රත්නායක 48, චාරුක ඒකනායක 30, මලිත් රත්නායක 17/2)


අදහස් (0)

ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ කුසලානය ත්‍රිත්වයන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.